spot_img
spot_imgspot_img

තැපෑලට සමාන හොර වෙබ් අඩවියක් සාදා ලක්ෂ ගණන් මුදල් ඇදලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර කෙඩිට් කාර්ඩ් හරහා මුදල් වංචා කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම වෙබ අඩවියේ සබැඳිය ශ්‍රී ලාංකිකයන් වෙත යවා ඇත්තේ දුරකථන ඔස්සේ ලැබෙන කෙටි පණිවිඩයක් මගිනි. එම පණිවිඩය මගින් දැනුම් දී ඇත්තේ ඔවුන් විසින් ඇණවුම් කරන ලද පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් කළ යුතු සඳහන් කරමිනි.

පරීක්ෂා කර බැලී‍මේ දී පෙනී යන්නේ මෙම පණිවිඩ ලැබී ඇත්තේ විවිධ භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කිරීමේ දී දුරකථන අංක ලබාදුන් පුද්ගලයන් වෙතය.

එම පණිවිඩය මගින් ලබා දෙන සබැඳිය කෙටි සබැඳියකි. එයට ගිය විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ‍නිල වෙබ් අඩවියට සමාන වූ වෙබ් අඩවියක් විවෘතවන අතර සුළු මුදලක් ගෙවීම සඳහා කවුළුවක් ද විවෘත වෙයි. තම පාර්සලය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් පසුවන පුද්ගලයන් ඒ අනුව තම බැංකු කාර්ඩ්පත් දත්ත එයට ඇතුළත් කරයි. එය ගෙවීම තහවරු කිරීම සඳහා OTP අංකයක් ද ලැබෙයි. ඒ අනුව පාරිභෝගිකයාට සැකයක් ඇතිවන්නේ ද නැත. නමුත් ගෙවීම කළ වහාම සිදුවන්නේ බැංකු තොරතුරු ‍වෙනත් පාර්ශවක් වෙත ගොස් ඔවුන්ගේ බැංකු ගිනුමේ මුදල් අහිමිවීමයි.

පරිගණක විශේෂඥයන්‍ගේ අදහස අන්තර්ජාල ඇණවුම් සේවා ලබාගන්නා ආයතනයක දත්ත කිසියම් පරිගණක හැකර්වරුන් අතට පත්වීමෙන් මෙය සිදුකරන්නට ඇති බවයි.

තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත්කුමාර පවසන්නේ මෙය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ලිපිනය හා සමාන ලිපිනයක් ද භාවිතා කර ව්‍යාජ වෙබ් පිටුව නිර්මාණ්‍ය කර ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ආකාරයක ඔන්ලයින් ගෙවීමේ ක්‍රම සකසා නැතැයි ද තැපැල්පතිවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!