spot_img
spot_imgspot_img

HNB සමූහය පළමු මාස හය සඳහා රුපියල් බිලියන 9.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

පුවත්

විදෙස්

(Advertorial)

හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත.

බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන 15.2 ක සහ රුපියල් බිලියන 9.8 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු පසු ලාභයක් වාර්තා කළේය.

2023 පළමු අර්ධයේදී ලබා ගත් මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපති නිහාල් ජයවර්ධන පැවසුවේ

‘‘උද්ධමනය පාලනය කරගත හැකි මට්ටමක පැවතීම, පොලී අනුපාත ක‍්‍රමයෙන් පහත වැටීම සහ රුපියලේ අගය ඉහළ යාමත් සමඟින් ශ‍්‍රී ලංකා ආර්ථිකය යහපත් අතට හැරෙන ලකුණු මෙම කාර්තුවේ පෙන්නුම් කර තිබෙනවා. එපමණක් නොව, නොඉවසිල්ලෙන් බලා සිටි දේශීය ණය ප‍්‍රශස්තිකරණ (DDO) සැලසුම ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟින් ප‍්‍රතිඵලය පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ එය බැංකු ක්ෂේත‍්‍රයට බලපාන ආකාරය ආකාරය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.’’

2023 දෙවන කාර්තුව අවසාන භාගයේ දී පොළී අනුපාත අඩු වුව ද, 2023 පළමු අර්ධය සඳහා වූ පොළී අනුපාත 2022 වසරේ අදාල කාලපරිච්ඡේදය හා සසඳන විට ඉහළ මට්ටමක පැවතිණි. මේ හේතුවෙන් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 59.3 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කිරීමට බැංකුවට හැකි වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 48% ක වැඩි වීමකි. මීට අමතරව, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 12% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 08 දක්වා වර්ධනය වී ඇත. කාඞ්පත් ගනුදෙනු, ප්‍රේෂණ, වෙළෙඳාම සහ ඩිජිටල් සේවාවල ක‍්‍රියාකාරකම් වැඩි වීම මෙයට හේතු විය.

රට තුළට විදේශ මුදල් ගලා ඒම ඉහළ යාම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් සංසරණය ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පසුගිය වසරට සාපේක්ෂව පළමු මාස හය තුළ 15%කින් පමණ ඉහළ ගොස් ඇත. කෙසේවෙතත් 2023 පළමු අර්ධයේ පැවති මිල උච්ඡාවචනයන් නිසා 2023 පළමු භාගය සඳහා බැංකුවට රුපියල් බිලියන 3.8 ක ශුද්ධ විදේශ විනිමය අලාභයක් සිදු විය. මෙයට මූලික වශයෙන් හේතු වූයේ විදේශ විනිමය බැංකු ඒකකවල (FCBU) ඇති විනිමය සංචිතවල නැවත තක්සේරුකිරීම්වල අලාභ හේතුවෙනි.

අභියෝග මධ්‍යයේ වුවද, වත්කම්වල ගුණාත්මකභාවයට අඛණ්ඩව ප‍්‍රමුඛත්වය ලබා දෙමින් බැංකුව 2023 ජූනි මස අවසන් වන විට ශුද්ධ stage III ණය අනුපාතය 4.77% ක් සහ stage III ප‍්‍රතිපාදන ආවරණය 51.4% ක් ලෙස සැලකිය යුතු මුදලක් වෙන් කළේය. හානිපූරණ ප‍්‍රතිපාදන සැලකීමේදී, බැංකුව 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 28.3 ක සමස්ත හානිපූරණයක් වාර්තා කළ අතර ණය හා අත්තිකාරම් සඳහා අපහායන ප‍්‍රතිපාදන මෙන්ම විදේශ මුදලින් වන රජයේ සුරැකුම්පත් සඳහා වූ සැලකිය යුතු ආයෝජන ද මෙයට ඇතුලත් විය.

2023 පළමු අර්ධයේ බැංකුවේ මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 19% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 17.6 ක් බවට පත් වූයේ උද්ධමනය හේතුවෙනි. එසේ වුවද, 2023 පළමු අර්ධය සඳහා බැංකුව 27%ක පිරිවැය හා ආදායම් අතර කාර්යක්ෂම අනුපාතයක් පවත්වා ගෙන යෑම කැපී පෙනිණි.

හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ, ”රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයන් සිදු වීම ගැනත් මේ වසරේ මුල් මාස හයේදී HNB හි ශක්තිමත් ක‍්‍රියාකාරිත්වය පිළිබඳවත් අපි සතුටු වනවා. භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ක‍්‍රියා කරන ආකාරය වෙනස් වීම වළක්වා ගැනීමට බැංකු ක්ෂේත‍්‍රයට උපකාර කළ රජයේ දේශීය ණය ප‍්‍රශස්තිකරණ (DDO) සැලසුම අපි අගය කරනවා. මෙය එක් අතකින්, ඉහළ යන ණය හානිපූරණය සහ ඉහළ බදු සමඟ කටයුතු කරන බැංකුවලට, ආර්ථිකයේ වැදගත් අංශ යථා තත්වයට පත් කිරීමට උපකාර වනවා.

”ඉදිරියේදී, ක්ෂුද්‍ර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පසුගිය වසර කිහිපය තුළ පීඩාවට පත්වූවන්ට උපකාර කිරීමට අප තව තවත් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. අපි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය දෙන බැංකුවක භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ කුසලතා සහ තාක්ෂණික දැනුම වර්ධනය කරගැනීමට උපකාර කරමින් බහුපාර්ශ්වික නියෝජිතායතන සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් වැනි වෙනත් සංවිධාන සමඟ ද සහයෝගයෙන් කටයුතු කරනවා.’’ යනුවෙනි.

1 COMMENT

  1. බැංකුවක් රටෙහි ප්රධාන ස්ථානයකට පත්වන රටක අාර්ථිකය ගැන කවරනම් කතාද😱😱

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!