spot_img
spot_imgspot_img

මෙහෙණි ආරාමය, දැරියන්ගේ වධකාගාරයක්. වේයන්ගොඩ පොලිසයටත් චෝදනා

පුවත්

විදෙස්

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙන නමින් පවත්වාගෙන යන මෙහෙණි ආරාමය ගැහැනු දරුවන්ගේ වදකාගාරයක් බවත්, එහි සිදුවන තාඩන පීඩන සහ අකටයුතුකම් ගැන පොලිසිය ද නිහඬ පිළිවෙතක් අනුගමන කර ඇති බවත් මේ වනවිට අනාවරණය වෙයි.

මේ සියලු කරුණු අනාවරණය වූයේ එම මෙහෙණි ආරාමයට පැවිදිවීමට පැමිණ සිටි කාන්තාවක් එහි සිටි බාලවයස්කාර මෙහෙණින්වහන්සේලා තිදෙනකු සමඟ නුවරඑළියේ තම ඥාති නිවසකට පළාගොස් පසුව පොලිසියට භාරවීමත් සමගිනි.

පළාගිය බාලවයස්කාර මෙහෙණින්වහන්සේ කෙනකුගේ පියා මෙසේ පවසයි.

“පලාගිය මෙහෙණින් වහන්සේලා තුන්දෙනානේ වැඩිමල් මෙහෙණින් වහන්සේ මගේ වැඩිමහල් දියණිය. එයාට මහණ වෙන්න ආසයි කියූ නිසා කැන්දලන්දේ ආරාමයක පැවිදි වුණා. ඉන් පස්සේ ඉගෙන ගැනීමට කියා වේයන්ගොඩ මේ පිරිවෙණට එවා තිබෙනවා. දුව අතුරුදන් වූවාට පස්සේ මම මේ ආරාමයට ඇවිත් ප්‍රධාන මෙහෙණින් වහන්සේ සමඟ වේයන්ගොඩ පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. එතකොට මමත් බිරිඳත් එළියේ ඉදිද්දී මේ ලොකු මෙහෙණින් වහන්සේ සහ තවත් අය ඇතුළට ගියා. පොලිසියේ කාන්තාවෝ ඇතුළු සියලු දෙනා ඒ මෙහෙණින්වහන්සේලා හොඳින් අඳුනන බව තේරුණා. එයාලා බොහොම එකමුතුයි. ඒ වෙලාවේ පොලිසියේ නිලධාරිනියක් නායක මෙහෙණින් වහන්සේට කිව්වා මේ පැමිණිල්ල දැම්මොත් තියෙන ප්‍රශ්න ඔක්කොම ඇවිස්සෙයි කියලා. ඒ නිසා පැමිණිල්ල දාන්න එපා කියලා. පොලිසිය ක්‍රියාකළේ ඒ විදියට. එදා පැමිණිල්ල බාර ගත්තේ නැහැ. පස්සේ අපේ බලකිරීමට පසුව දා තමයි පැමිණිල්ල දැම්මේ.“

පළාගිය මෙහෙණින් වහන්සේගේ මව කියන්නේ මෙවැනි කතාවකි.

“මේ නායක මෙහෙණින් වහන්සේ මේ තත්වයට වගකිව යුතුයි. එතුමිය මේ සියල්ල දන්නවා. දැන් බොරුවට හංගනවා මොනවත් නොදන්නවා වගේ. පොලිසිය සාධාරණය ඉටු කරන්නෙත් නෑ.“

ගම්වැසි කාන්තාවක් මෙසේ පවසයි.

“මේ මෙහෙණි ආරාමයේ පැවිදි වී සිටින කුඩා මෙහෙණින් වහන්සේලාට නිතර නිරත පහර දෙනවා. ගහනවා බනිනවා. එයාලගේ අම්මා තාත්තා පවා මතක් කරමින් බනිනවා. මීට ඉස්සෙල්ලත් ගොඩක් ප්‍රශ්න ඇතිවුණා. මාස තුනකට ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් මතුවුණා. නමුත් බලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ පළාගිය කුඩා මෙහෙණින් වහන්සේලා එයාලගේ අම්මලාට බාරදුන්නා කියලා තමයි කිව්වේ. නමුත් අම්මලා තාත්තලා ආවම තමයි අපි දන්නේ වෙන දෙයක් සිදුවී තිබෙන බව.“

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. නුමත් මෙහෙණින් වහන්සේලාගේ දෙමාපියන් සහ ගම්වාසීන් පවසන්නේ වේයන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වා දරුවන්ට සාධාරණයක් ඉටු නොවන බවයි.

වේයන්ගොඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන් පවා මෙම ආරාමයේ නායක මෙහෙණින් වහන්සේ සමඟ එකමුතුව ක්‍රියාකරන බව ඔවුහු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!