spot_img
spot_imgspot_img

ගාල්ලේ දරුවන් අනතුරේ, පාසල් රැසක ඩෙංගු මදුරු තවාන්

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ පාසල් පරිශ්‍රයන් හි ඩෙංගු මදුරු කීටයන් විශාල වශයෙන් වාර්තාවන බැවින් දරුවන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.පී.ගිහාන් චමින්ද විසින් මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ පසුගිය මාස 02ක කාලයක් පුරා ගාල්ල නාගරික බල ප්‍රදේශයේ පිහිටි පාසල්වල, කීට විද්‍යා අංශය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ කරුණු අනුවය. ඒ අනුව පහත සඳහන් පාසල්වල අධික ඩෙංගු මදුරු කීට ඝනත්වයක් පෙන්නුම්කරන බව වෛද්‍ය ගිහාන් චමින්ද විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇත.

වැඩිම ඩෙංගු මදුරු ගහණයක් ඇති පාසල් මෙලෙස දක්වා ඇත

  1. මහින්ද විද්‍යාලය
  2. සංඝමිත්තා විද්‍යාලය
  3. විද්‍යාලෝක විද්‍යාලය
  4. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය
  5. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය
  6. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විදයාලය
  7. ශ්‍රී හෘදය කන්‍යාරාම විද්‍යාලය

එම ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ 2023 අගොස්තු මස 05 වැනි දින අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශිෂ්‍යාවක ඩෙංගු රෝගයෙන් මියගිය බවයි. ගාල්ල නාගරික බල ප්‍රෙද්ශයේ සහ අම්බලන්ඩෙ කලාපයට අයත් පාසල් පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන්ගෙන් තොර පරිශ්‍රයන් බවට පත්කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!