spot_img
spot_imgspot_img

ටෙලිකොම් ආයතනයේ දී පාරිභෝගිකයකුට පහර දෙයි (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මාතර ශාකාවට ගිය පාරිභෝගිකයකුට එහි නිලධාරියකු විසින් පරුෂ වචනයෙන් බැන වදිමින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ.

එම පුද්ගලයා තම පුතා සමඟ ටෙලික‍ොම් ආයතනයට ගොස් ඇත්තේ තමන් විසින් භාවිතා කරන PeoTv සම්බන්ධතාව අනවශ්‍ය බව පැවසීමටය. එම අවස්ථාවේ තමන්ට අසාධාරණයක් සිදු වූ බැවින් ඔවුන් දෙදෙනා එම සාකච්ඡාව වීඩියෝ කිරීමට උත්සාහ ගන්නා බව දැනගත් නිලධාරියා ඔවුන් බැන වදිමින් වීඩියෝ කිරීමට අයිතියක් නැතැයි පවසයි.

පාරිභෝගිකයන් දෙදෙනා පවසන්නේ එසේනම් පොලිසිය කැඳවන ලෙසයි.

මෙය රාජ්‍ය දේපළ බවත්, වීඩියෝ කිරීමට අවසරයක් නැති බවත් පවසමින් නිලධාරීන් මෙම පාරිභෝගිකයන්‍ දෙදෙනා වටකරගෙන බැන වදින අතර ඔවුන්ට අමතක වී ඇත්තේ රාජ්‍ය දේපළ පවත්වාගෙන යන්නේ මෙවැනි පාරිභෝගියන්ගෙන් ලැබෙන මුදලින් සහ රටේ ජනතාව ගෙවන බදුවලින් බවයි.

රාජ්‍ය ආයතනයක් යනු පොදු ස්ථානයකි. එහි වීඩියෝ කිරීමේ හෝ ඡායාරූප ගැනීමේ ගැටලුවක් ඇතිවිය නොහැකිය. එමේනම තමන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් එයට සාක්ෂි තබාගැනීමේ ද ගැටලුවක් නැත. දැන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පවා වීඩියෝ, ඡායාරූප සහ හඬපට ආදිය පිළිගන්නා පසුබිමක රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි තහනමක් පැනවිය හැකිද යන්න ගැටලුවකි.

අවසානයේ අදාළ නිලධාරියා පාරිභෝගිකයාට පහර දෙන ආකාරය ද වීඩියෝවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් රජය වහාම මැදිහත් විය යුතුය. මේ නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බලධාරීන්ගේ අවධානය පිණිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!