spot_img
spot_imgspot_img

මැති ඇමතිවරු නැති පළාත් සභාවල, වියදම කෝටි 14,136කින් වැඩි වෙලා

පුවත්

විදෙස්

පළාත් සභා මැති ඇමතිවරු නොමැති වුව ද, පසුගිය 2022 වර්ෂයේ දී පළාත් සභාවල වියදම රුපියල් ‍කෝටි 14,136කින් වැඩි වී ඇතැයි මුදල් කොමිෂන් සභාවේ වාර්තාවක් මගින් හෙළිදරව් වී ඇත.

මෙම වැඩිවීම සිදුව ඇත්තේ පළාත් සභා මැති ඇමතිවරු සිටි 2019 වර්ෂයට සාපේක්ෂවය. එලෙස රුපියල් ‍කෝටි 14,136ක් වැඩිපුර වියදම් කර ඇති 2022 වර්ෂයේ දී පළාත් සභා පාලනය වූයේ ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ වීම ද විශේෂත්වයකි.

පළාත් සභා නියෝජිතයන් අවසන්වරට සිටි 2019 වසරේදී පළාත් සභාවල වියදම් සඳහා රුපියල් කෝටි 30,129ක මුදලක් වැය කර ඇති අතර, පළාත් සභා නියෝජිතයන් නොමැති 2022 වසරේදී රුපියල් කෝටි 44,265ක මුදලක් සඳහා වැයකර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් පවසන්නේ මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම් ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003 ක පමණ මුදලක් බවයි.

එය ඉතාමත් සුළු වියදමක් බව ද ඔහු කීවේය.

පළාත් සභා සඳහා වෙන් කරන මුදල්වලින් වැඩිපුර මුදලක් වැය වන්නේ සේවක පඩිනඩි හා වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහා බවද, එය සාමාන්‍යයෙන් සෑම වසරකම කෝටි 35,000ත් 40,000ත් අතර වන මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරයා පෙන්වා දෙයි.

එයින්ද වැඩිම මුදලක් වැය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා වෙනුවෙනි.

මුදල් කොමිෂන් සභා වාර්තාවලට අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු එක් එක් ක්ෂේත්‍රවල ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වන ප්‍රාග්ධන වියදම් සාමාන්‍යයෙන් කෝටි 3,000ත් 4,000 ත් අතර පවතී.

එය 2019 වසරේදී රුපියල් කෝටි 3,001 ක් වන විට 2022 වසරේදී රුපියල් කෝටි 3,934 කි.

පළාත් සභාවේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව වෙන් කිරීම සඳහා නිර්දේශ කර ඇති මුදල 2022දී රුපියල් කෝටි 22,000 ක් වුවද, අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1,144 ක් පමණක් බවද එයින් ලැබී තිබෙන්නේ රුපියල් කෝටි 580 ක් පමණක් බවද කොමිෂන් සභා වාර්තාවලින් අනාවරණය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!