spot_img
spot_imgspot_img

EPF පොළිය අඩුකිරීමට එරෙහි පෙත්සම ඉවත දමයි

පුවත්

විදෙස්

සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමින් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අනත්ර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය.

එස්.තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම පළිබඳ සළකා බලන ලදී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ  මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා කියා සිටියේ පෙත්සම්කාර සංගමය සමාගම් පනත යටතේ සංස්ථාපිත කර ඇති නාමය වෙනුවට වෙනත් නාමිකයකින් පෙත්සම ඉදිරිපත් කර ඇති බැවින් අධිකරණය හමුවේ නෛතික පුද්ගලයෙක් වශයෙන් පිළිගත නොහැකි බවයි.

ඊට අමතරව මෙම පෙත්සමෙහි සත්‍ය කරුණු යටපත් කර ඇති බවත් මෙම සිද්ධිය දැනට පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වන කරුණක් වන අතර මෙම විෂය රාජ්‍ය මූල්‍යයට අයත් පාර්ලිමේන්තු පූර්ණ බලයක් සහිත විෂයක් බැවින් ඊට ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් විය නොහැකි බවයි.

ඒ අනුව මෙම මූලික විරෝධතා පිළිගෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නයිජල් හැජ් කියා සිටියේ මෙම තීරණය හේතුවෙන් මිලියන ගණනක් වන අර්ථ සාධක අරමුදල් සාමාජිකයන් සිය ජීවිත කාලය පුරා එකතු කර ගත් මුදල් අහිමි වීමේ අවදානමක් ඇති බවත් ඒ අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සහ මහජන භාර මූලධර්මය අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්ය.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් පසු පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!