spot_img
spot_imgspot_img

පරිසරයට විනාඩියක් හඬ, නිහඬ වෙයි

පුවත්

විදෙස්

සිරස එෆ්එම් සහ සිරස ටීවී නාලිකාවල දිනපතා විකාශය වූ පරිසරයට විනාඩියක් වැඩසටහන වසර ගණනාවක් අඛණ්ඩව ඉදිරිපත් කළ ප්‍රවීණ නිවේදකයකු, හඬ කැවීම් ශිල්පියකු, රංගන ශිල්පියකු මෙන්ම ගුවන් විදුලි ආයතන ප්‍රධානියකු ලෙස කටයුතු කළ ලාල් සරත් කුමාර අද (01) අලුයම සිය දිවි සැරිය නිමා කළේය.

1955 දී උපතලද ඔහු මියයනවිට 68 වැනි වියේ පසුවූයේය.

සුමනා ජයතිලකගේ හඳමාමා වැඩසටහනෙන් ගුවන්විදුලි නාට්‍ය කලාවට එකතුවන ඔහු 1978 දී ශබ්ද පරිපාලකයකු ලෙස ගුවන්විදුලි සේවයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතයට ආරම්භ කළේය. මනා හඬ පෞරුෂයකින් යුතු ලාල් සරත් කුමාර 2017 වර්ෂයේ දී විශිෂ්ඨතම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියාට හිමි රාජ්‍ය සම්මානය ද දිනාගෙන තිබේ.

‍ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත්ව සිරස එෆ්එම් සමඟ එක්වූ ලාල් සරත් කුමාර සිරස ටීවී ඔස්සේ විකාශය වූ සූරපප්පා කාටූනයේ සීසර්ගේ චරිතයට හඬ මුසු කළ අතර ඔහු සිය කලා දිවියේ දී එවැනි චරිත රැසකට හඬ මුසු කළේය. සිරස නාලිකාවේ සහය කළමනාකරුවකු වූ ඔහු පසුව ඉන් ඉවත්ව ගුවන්විදුලි නාලිකා ප්‍රධානියකු ලෙස ද කටයුතු කර ඇත.

සුගතපාල සිල්වාගේ මඟපෙන්වීමෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ චරිත රැසකට දායක වූ ලාල් සරත් කුමාර ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!