5.2 C
New York

සැත්කමක් වැරදී මියගිය දරුවාගේ දේහය මිහිදන් කරයි

Published:

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ දී සිදුකළ සැත්කමක් වැරදීමෙන් මියගිය තුන් හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අද (30) සවස සිදුකෙරිණි.

මෙලෙස මියගියේ හම්දි ෆස්ලීන් නම් දරුවෙකි. දරුවා මියගියේ පසුගිය 27 වැනි දා ය. එසේ වුව ද රෝහලේ වාට්ටුවෙන් ලැබිය යුතු වර්තා කිහිපයක් ලැබීම ප්‍රමාද වූ බව පවසමින් ඇගේ මෘත දේහය අද සවස්වන තුරුම ලබා දුන්නේ නැත.

මියගිය දැරියගේ මව මාධ්‍යවේදීන් සමඟ මෙසේ කීවාය.

“ඊයේ ගියා අධිකරණය අංශයට යනන, එහෙට යන්න මෙහෙට යන්න කියමින්  අපිව රස්තියාදු කළා. ඊට පස්සේ අද ගන්න පුළුවන් කියලා උදේම ආවා මෙතනට. ඒ වුණාට දවල්වෙන තුරුම දුන්නේ නෑ. දරුවා දවස් හතරක් ශීතකරණයක දාලා තියෙන්නේ.”

කෙසේවෙතත් අද (30) සවස දරුවාගේ දේහය රෝහලේ සිට අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය රැගෙන එන ලදී. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහාය. ඉන් පසු දේහය මව වෙත බාරදුන් නිවසට ගෙන ගොස් මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමියේ දී මිහිදන් කෙරිණි

මෙම දරුවාගේ සැත්කම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ් මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ කීවේය.

“සැත්කමක් කරන්න ඉස්සෙල්ලා පූර්ව සැළසුමක්, පරීක්ෂණයක් කරන්න ඕන. මේක නිසි ලෙස කළා නම් මේ වැරැද්ද වෙන්නේ නෑ. මේ පරීක්ෂණ, සීටී ස්කෑන් නිවැරදි වෙලාවට නිසි පරිදි කරන්න වෛද්‍යවරයාට පහසුකම් තිබුණාද කියලත් හොයන්න ඕන. මේ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීමේ ගැටලුවත් මේ මරණයට හේතුවක් වෙන්න පුළුවන්.”

දේහය මිහිදන් කරන අවස්ථාවේ දී දරුවාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් නිහඬ උද්ඝෝෂණයක යෙදී සිටියහ

Related articles

Recent articles

spot_img