spot_img
spot_imgspot_img

එංගලන්තයේ සිට ලංකාවට බස් එකේ පැමිණි ගමන

පුවත්

විදෙස්

තෛක ලෝකයේ පැවැති දෙවැනි දීර්ඝත ම බස්රථ මාර්ගය වැටී තිබුණේ එංගලන්තයේ සිට කොළඹ නගරය දක්වා යැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959 අගෝස්තු මස 17 වැනි දින ‍ඩෝවර් කොළම බස් රථ සේවාව ආමරභ කර තිබේ.

‍ඩෝවර් සිට ඩුන්කික්, පැරිස්, වැනීසිය, ඉස්තාන්බුල්, ටෙහෙරාන්, කාබුල්, ලාහෝර්, දිල්ලි, රාමේෂ්වරම් හරහා ‍කොළම දක්වා එම බස් රථය ධාවනය කෙරිණි.

කි‍ලෝ මීටර 20,000ක් පමණ වන මෙම දුර බසය ධාවනය කිරීමට ගත වූ කාලය දින 42කි.

මෙම බස් රථයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 04 දෙනකු සිටින අතර මගීන් 10 දෙනකු සඳහා එහි පහසුකම් තිබී අත. එක් මගියකුගෙන් එවකට ශ්‍රී ලංකා රුපියල් 32,930.00ක පමණ මුදලක් අයකර ඇත.

සමස්ත ගමන් කාලයේ දී ආහාර පිළියෙළ කිරීම බසය තුළ දී ම සිදුකර ඇති අතර මගීන් සඳහා කුඩා නිදන ඇඳන්, විදුලි පංකා සහ උණුසුම පවත්වාගෙන යාම සඳහා හීටර්ස් ද තිබී ඇත.

එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය – ඇෆ්ගනිස්තානය – පාකිස්තානය – ඉන්දියාව – රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් – කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගත වී තිිබිණි.

ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.

අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover – කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ලන්ඩන් – කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover – කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.

1968 වසරේදී Albert Tours විසින්ම ආරම්භ කළ ලන්ඩන් – සිඩ්නි බස් සේවාවට ලොව දීර්ඝතම බස් සේවාවේ ගෞරවය හිමිවිය යුතුය.

ලන්ඩන් සිට සිඩ්නි දක්වා ගිය බස් රථය,  London – Dover – Dunkirk – Paris – Venice – Istanbul – Tehran – Kabul – Peshawar – Lahore – New Delhi – Agra – Banaras හරහා කොල්කටාවට පැමිණ ඉන්පසු මියන්මාරය – තායිලන්තය හරහා සිංගප්පූරුවට පැමිණේ.

සිංගප්පූරුවේ සිට බස්රථය නැවකට පටවා ඕස්ට්‍රේලියාවේ Perth දක්වා රැගෙන ගොස් එතැන් සිට 4000 km දුරක් ගෙවා සිඩ්නි වෙත පැමිණ ඇත. ගමන් සදහා දින 132 ක් ගතවී ඇත.

1976 වසරේදී බස් සේවාව නවතා දමන තෙක් ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙලෙස ගමන්වාර 15ක් පමණ සාර්ථකව නිමා කර ඇතිබව වාර්තාවල දැක්වේ.

දෙවැනියට ලොව දීර්ඝතම බස් සේවාව ලෙස Dover – කොළඹ හැදින්විය හැක.

එංගලන්තයේ සිට සිඩ්නි/ කොල්කටා/ කොළඹ දක්වා ධාවනය වූ බස් සේවාවන් සදහා යොදාගෙන ඇත්තේ AEC, BMC, British leyland බස්රථයි.

වර්තමානයේදී ලොව දීර්ඝතම බස් ගමන ලෙස සැළකෙන්නේ පේරුහි ලීමා නුවර සිට බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ දක්වා ධාවනය වන බස් සේවාවයි.

එහි මුළු දුර 6200 km වූ අතර, ගමන් කාලය පැය 102 කි.

Ormeño S.A බස් සමාගම විසින් Marcopolo බද සහිත Scania, Volvo බස්රථ මේ සදහා යොදවා තිබෙන අතර, සතියේ සෑම බදාදා සහ ඉරිදා දිනකම බස්රථයක් ධාවන‍ය විය.

කෙසේවෙතත් 2018 වසරේදී මෙම සේවාව ඔවුන් විසින් නවතා දමා තිබිණි. එතැන් සිට මේ දක්වා වසර 05 ක් ගතවී ඇතත් අදටත් බස් ධාවනය වන ලොව දීර්ඝතම බස් සේවාව කුමක් දැයි මේ වනතුරු හදුනාගෙන නොමැත.

ඡායාරුප අන්තර්ජාලයෙනි
theleader.com
independent.co.uk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!