spot_img

අවුරා ලංකා සභාපති තමන්ට මරණ තර්ජන කළැයි OIC රාජකාරී සටහනක් තියයි

පුවත්

විදෙස්

විල්පත්තු වනජීවී ප්‍රේරක කලාපයේ සැණකෙළියක් සංවිධානය කර ඇති අවුරා ලංකා ආයතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල තමන්ට එම ප්‍රසංග භූමිියේ දී මරණීය තර්ජන කරන ලදැයි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී සටහනක් තබා ඇත.

එම සටහනේ දැක්වෙන්නේ “ඕඅයිසී මම දකිනකොට හැංගෙන්නේ ඇයි ? කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න. උඹ දැනගනින් උඹේ යුනිෆෝර්ම් එක ගලවනවා”  යැයි කියමින් අවුරා ලංකා සභාපතිවරයා තමන්ට මරණ තර්ජනය කළ බවයි.

සැකකරු එම අවසාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩක තිබූ හෙයින් ඔහුව අත්අඩංගුවට නොගත් බවත් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

විල්පත්තු වනජීවී ප්‍රේරක කලාපයේ රාජාංගණය යාය 18 ප්‍රදේශයේ  පැවැත්වෙන මෙම සැණකෙළියට ගොවිජන සංවිධානවලත්, ප්‍රදේශවාසීන්ගේත් දැඩි විරෝධතාවක් එල්ල වී ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles