spot_img
spot_imgspot_img

පොලිසියේ නිරුවත අධිකරණයේ දී හෙළි වේ. බොරු නඩු පැටලුවාට සමාව අයදී

පුවත්

විදෙස්

ගංජා ළඟ තබාගත් බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයකුගෙන් පළිගැනීම සඳහා බොරු නඩුවක් පැටලවීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු විවෘත අධිකරණයෙ දී අගතියට පත් වූ කොස්තාපල්වරයාගෙන් සමාව ගත්තේය. එමෙන්ම පළිගැනීමෙ චේතනාවෙන් බොරු නඩු පැටලවූ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද පොරොන්දු වූ‍ේයය.

මෙලෙස චෝදනා ලබා තිබුණේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ කල මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සදුන් නමැති අයෙකි.

ඔහු ගංජා මිලිග්‍රෑම් 85,010ක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරිම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර තිබිණි. නමුත් පසුව අනාවරණය වී ඇත්තේ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරන් පිරිසක් විසින් ඔහුගෙන් පළිගැනීම සඳහා සැළසුම් සහගතව මෙම චෝදනා ගොනුකර ඇති බවයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල හමුවේ කියා සිටියේ මෙම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරූ අනුරාධපුර කොට්ටාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කර ඔවුන්ට එරෙහිව ද්වේශ සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ මෙම අධිකරණයේ ම නඩු පවරන බවයි

පොලිස් කොස්තාපල් ජේ.ඩී. සදුන්ට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබු බො‍රු චෝදනා සහිත නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනන විට වැඩ තහනම් කර සිටින ඔහු යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද අධිකරණයට පොරොන්දු වූයේය.

අගතියට පත් පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර, පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමටට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතීය අවභාවිතා කළ නිලධාරීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පොරොන්දුවීම පිළිබදව පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට කෘතඥතාවය පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!