spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ තුන් හැවිරිදි දැරියක් ලෝක වාර්තාවක් තියයි (වාර්තාව තැබීමේ වීඩියෝ දර්ශන ඇත)

පුවත්

විදෙස්

ශ්‍රී  ලාංකික දැරියක් විසින් අසාමාන්‍ය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.

මෙම දස්කම දක්වා ඇත්තේ වයස අවුරුදු 03යි මාස 03යි දින 11ක් වයසැති සෙන්තුල් කුමාර් භවිෂනා නමැති දැරියකි. ඇය හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි දැරියකි.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි මෙහෙයවීමෙන් ‍ඇය මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ 2023 අප්‍රේල් මස 06 වැනි දා ය. එම ජාත්‍යන්තර සඟරවා විසින් ඉන්ටර්නෙට් ඔස්සේ පෙන්වන රාජ්‍ය නායකයන් 40 දෙනකු නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ නම් නිවැරදිව පැවසීමේ වාර්තාව ඇය තමන් සතුකරගෙන ඇත්තේ විනාඩි 01යි තත්පර 06ක් වැනි ඉතාමත් කෙටි කාලයකිනි.

එම දැරියගේ පියා සෙන්තුල් කුමාර් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන අතර මව ගුරුවරියකි.  වාර්තාව පිහිට වූ භවිෂනා එම පවුලේ වැඩිමල් දියණියයි.

ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු ඇයට හිමි පදක්කම සහ සහතිකය මේ වනවිට ලැබී ඇති අතර International Book Of Records හි ඇගේ නම සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!