spot_img
spot_imgspot_img

මාධ්‍යවේදියෙක් ඝාතනය කිරීමේ උත්සාහයක්

පුවත්

විදෙස්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරන මාධ්‍යවේදී තම්සීර් හමීඩ්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කිරීමේ සදි්ධියක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.

අනුරාධපුර පොසොන් සැණකෙළියේ ව්‍යාපාරික ස්ථාන බෙදා දීමේ දී අක්‍රමිකතා සිදුවන බවට පුවතක් ආවරණය කිරීමට යාමේ දී කිසියම් පිරිසක් පැමිණ ඔහුට එම වාර්තාකරණය නවත්වන ලෙස තර්ජනය කර තිබිණි. එම අවස්ථාවේ ඔහු ලබාගත් වීඩියෝ දර්ශන කිසියම් ස්ථානය විකාශය වුවහොත් මරාදමන බවට ද ප්‍රකාශ කර තිබිණි.

මාධ්‍යවේදී තම්සීර් හමීඩ් පවසන්නේ එම දර්ශන විද්‍යුත් නාලිකාවක විකාශය වුව ද එලෙස තර්ජනය කළ පිරිස් හමු නොවීම නිසා ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවයි.

නමුත් පසුගිය 21 වැනි දා සවස 5.00ට පමණ තම්සීර් අනුරාධපුර ශිික්ෂණ රෝහලට ගොස් ආපසු පැමිණීමට සූදානම් වෙද්දී සම්පූර්ණයේන ම මුහුණ ආවරණය කළ හෙල්මටයක් පැළඳගත් පුද්ගලයකු තම යතුරුපැදිය රස් කළ බවයි. ඉන් පසු හෙල්මටය ගලවා “උඹට මාව මතක නැද්ද?” යනුවෙන් විමසූ බවත් මාධ්‍යවේදියා පවසයි.

“උඹ අර නිවුස් එක එපා කියද්දී ගැහුවා නේද ? අද මම උඹව මරණවා” යැයි කියමින් පිහියක් රැගෙන තමන්ට ඇනීමට තැත් කළ බවත් එම අවස්ථාවේ දී තමන් ඉවතට පැනගත් බැවින් පිහිපහර වැදුණේ නැති බවත් තම්සීර් පවසයි. ඒ අවස්ථාවේ දී රෝහලට පැමිණ සිටි පිරිස් ද කලබලයට පත්වූ බැවින්,

“උඹේ මරණය අද මිස්වුණා. හෙට අනිද්දා වෙද්දී උඹව වාහනයකින් හරි යටකරනවා” කියමින් ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව ද මාධ්‍යවේදියා විසින් කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමා විසින් මෙම පුද්ගලයා හඳුනාගත් බැවින් ඔහුගේ නම සඳහන් කර පැමිණිල්ල සටහන් කළේ යැයි තම්සීර් පවසයි.

මෙම ඝාතන තැත සම්බන්ධයෙන්, උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණක් ආරම්භකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!