spot_img
spot_imgspot_img

පණු කරඳ ගසේ සිද්ධියට ගම්පහ අඩවි වන නිලධාරී උසාවියට කැඳවයි

පුවත්

විදෙස්

වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පණු කරඳ ගස කපා දැමීමේ සිද්ධිය සම්බන්දව කරුණු දැක්වීම සඳහා ගම්පහ අඩවි වන නිලධාරීවරයාට මේ මස 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පහ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ඊයේ(17) නියෝග කළාය.

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබු අතිදුර්ලභ ශ්‍රී ලංකාවට අවේණික කෲඩියා සිලනිකා (Crudia zeylanica) ගස කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරිම සම්බන්ධව මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ශාකය ඉවත් කිරිම ගැන විමර්ශණයක් සිදු කරන්නැයි ඉල්ලා ගම්පහ වන අඩවි කාර්යාලය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබිණ.

නීතිඥ ලක්දිනු ධීරසේකර මහතා අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර ඊයේ(17) නැවත නඩුව කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව නීතීඥවරයා ඉල්ලා සිටියේ මෙම නීති විරෝධී අපරාධය සිදුකළ පුද්ගලයන් සහ ඒ සඳහා භාවිතා කළ යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්ලහ අඩවි වන නිලධාරීවරයාට 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමට නියෝග කළාය.

ඉදිකරමින් පවතින කොළඹ නුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු වලට බාධාවක් වන බැවින් මෙම ගස කපා ඉවත් කළ බව කියැවිණ.

මෙම ශාකය පිහිටා ඇති කලාපය වන සංරක්ෂණ කලාපයක් නොවුන ද පණු කරඳ ශාකයේ විශේෂත්වය මත වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊට මැදිහත් වී තිබිණ.

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ශිත ශාක විශේෂයක් ලෙස නම් කර තිබෙන පණු කරඳ ශාකය 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමට අත්‍යාසන්න තත්වයේ (Critically Endangered) පසුවන ශාකයක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!