spot_img
spot_imgspot_img

එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි

පුවත්

විදෙස්

බඩේ අමාරුවක්ට ‍ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි ‍පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි.

මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි පවසමින් ඇගේ ඥාතීන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් සහ රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව, පොත්තපිටිය, අලගල්ලේ පදිංචිව සිටි සන්දීපනී මධුෂිකා ජයරත්න නම් 21 හැවිරිදි තරුණියකි.

උදරයාබාධයක් හේතුවෙන් පසුගිය 10 වැනි දා යටිනුවර, කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් වූ එම තරුණුය ඊයේ (11) ගිලන්රථයකින් ඇගේ මව සමඟ පේරාදෙණිය රෝහලට එවා තිබිණි. එහි දී රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සිට දහවල් 12.30ට පමණ  07 වැනි වාට්ටුවට ඇය ඇතුළත් කර ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එදින පස්වරුවේ හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දෙනු ලැබීමෙන් පසු තම දරුවා එක් වර ම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය කියන්නීය

ඇය කියා සිටියේ සේලයිල් ලබාදීම සඳහා සවිකර තිබූ කැනියුලා එක මගින් එන්නතක් ලබාදීමෙන් පසු දුව අත කකියනවා යැයි කියූ බවයි. ඒ ගැන හෙදියන් දැනුම්වත් කිරිමෙන් පසු හෙදිය පවසා ඇත්තේ තරමක් සැර බෙහෙතක් ලබාදුන් බවකි. නැවත පැමිණ තවත් එන්නතක් ලබාදුන් බවත් එම එන්නත ලබා දී හෙදිය ආපසු යාමටත් පෙර දියණිය ඇස්වලින් පවා සැර පිටවෙනවා යැයි කෑ ගැසීමට ගත් බවත් ඒ සමඟම ඇය වැසිකිළියට දිවගොස් වමනය කළ බවත් මව පවසයි.

“මමත් එයාගේ පස්සේ ගියා. එතකොටත් දුව වමනය කරලා. කටින් සෙම පිටවෙනවා. අත් පවා නිල් පාට වුණා. එතකොටම වාට්ටුවේ නර්ස්ලා කිහිප දෙනෙක්ම දුවගෙන ඇවිත් දුව උස්සගෙන වාට්ටුවට අරගෙන ගියා. මම දැක්කා එයාලා දුවගේ පපුව තෙරපනවා. දුව ආපහු ඇස් ඇරියේ නෑ. මට මේ බෙහෙත ගැන ලොකු සැකයක් තියෙනවා. හොඳට කතා කර කර හිටපු දරුවා මේ ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ මැරුණා”

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට කියා සිටියේ, මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් කිසිවක් කිව නොහැකි බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!