Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
Threads App ට එරෙහිව Twitter නීතිමය ක්‍රියාමාර්ග ගනී ? - Rata.lk
spot_img
spot_imgspot_img

Threads App ට එරෙහිව Twitter නීතිමය ක්‍රියාමාර්ග ගනී ?

පුවත්

විදෙස්

මෙටා සමාගම විසින් අලුතෙන් ම හඳුන්වා දෙන ලද Threads නමැති අන්තර්ජාල යෙදුම  එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී එලොන් මස්ක් පවසයි.

Threads App හඳුන්වාදෙන ලද්දේ පසුගිය ජූලි මස 05 වැනි දා ය. මේ වනවිට එම යෙදුම ග්‍රාහකයන් මිලියන 30කට වැඩි පිරිසක් විසින් බාගත කරගෙන තිබේ.

 මෙටා සමාගම කියා සිටියේ Threads App, ට්විටර් හා සමාන මිත්‍රශීලී මෙවලමක් බවයි.

එසේ වුව ද ට්විටර් හිමිකරු එලෝන් මස්ක් පවසන්නේ තරඟකාරීත්වය ඉතාමත් යහපත් දෙයක් වුව ද වංචා කිරීම නරක දෙයක් බවයි. ඔහු චෝදනා කර ඇත්තේ තමන්ගේ ට්ටිටර් සමාගමේ හිටපු සේවකයන් යොදවාගෙන මෙම නව Threads App නිපදවා ඇති බවයි. එමගින් තම සැළැස්ම සොරකම් කර ඇතැයි ද මස්ක් චෝදනා කරයි. ට්විටර් සමාගමේ නීතිඥයා වන ඇලෙක්ස් ස්පිරෝ බදාදා මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත යවා ඇති ලිපියට ප්‍රතිචාර දක්වමින් මෙටා සමාගම පවසා ඇත්තේ ට්විටර් සමාගමේ හිටපු සේවකයන් Threads App නිපදවීමට දායක වූවා ය යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවකි.

ට්විටර් සමාගමේ වෙළෙඳ රහස් සහ අතිශය රහස්‍ය තොරතුරු ගැන අවබෝධයක් ඇති හිටපු ට්විටර් සේවකයින්ව මෙටා සමාගම බඳවා ගෙන ඇති බව ද ට්විටර් සමාගම නගන චෝදනාවකි. එමගින් මෙටා සමාගම කොපිකැට් යෙදුමක් නිර්මාණය කර ඇතැයි ද ඔවුන්ගේ චෝදනාව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!