spot_img
spot_imgspot_img

ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදය වනසා රටේ බලය ඇල්ලීමේ උපක්‍රමයක

පුවත්

විදෙස්

දේශපාලන බලය තහවරු කරගැනිම සඳහා ආණ්ඩුව තවත් සැළසුමක් ක්‍රියාත්මක කරමින් 1987 අංන 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර තිබේ.

2023 ජුනි මස 23 වැනි දින 02 වැනි කොටසේ අතිරේකයක් ලෙස 2023/06/26 නිකුත් කරන ලද ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයනත් කැටගොඩ විසින් මෙය ඉදිරිපත් කර ඇත.

එම සංශෝධනයෙන් ඔවුන් අපේක්ෂා කර ඇත්තේ  මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල්දමා තිබිය දී හිටපු ළාත් පාලන නියෝජිතයන් ම කැඳවා පළාත් පාලන ආයතන නැවත ස්ථාපිත කිරීම මෙම සංශෝධනයෙන් අපේක්ෂා කරයි.

එම යෝජිත පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ  1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 5(2)(ආ) වගන්තියට ඉක්බිතිව පහත සඳහන් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එම පනතේ 5(2)(ඇ) වගන්තිය ලෙස බලාත්මක විය යුතුය.

(ඇ) පළාත් පාලන ආයතන ඡන්ද විමමසී‍මක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇති වී ඇති යම්කිසි අර්බුදකාරි තත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්වයක් පැන නැගි ඇති අවස්ථාවක ඉහත 5(2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දිර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සඳහා අදාළ විසිරුණු සභාවක නැවත කැඳවීමට හැකි විය යුත්තේ ය.”

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වුවහොත්, රටේ දේශාලන බල තුලනය පිළිබඳ ජනතාවගේ සැබෑ මතය ප්‍රකාශයට පත්වීම ආණ්ඩුවට දැඩි අවාසි සහගත තත්වයක් බැවින් මෙවැනි පනතක්‍ ගෙනවිත් තවදුරටත් පළාත් පාලන බලය අල්ලාගැනීමට කූඨ උපක්‍රමයක් යොදාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!