spot_img
spot_imgspot_img

පහසු ජයක් ලබමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගනී

පුවත්

විදෙස්

ඕමාන කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවාලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

සිම්බාබ්වේ බුලවායෝහි දී පැවැති මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දු ඕවර 30.2ක දී ලකුණු 98කට දැවී ගියේය.

පළමු තරඟයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ කඩුළු 06ක් දවාගත් වනිඳු හසරංග අද තරඟයේ දී ඕමාන කඩුළු 05ක් දවාගත් අතර ඔහු ලබාදුන්නේ ලකුණු 13ක් පමණි. ළහිරු කුමාර ලකුණු 22කට කඩුලු 03ක් දවාගත්තේය.

ලකුණු 99ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා කිසිම අපහසුවකින් තොරව රිසිසේ පන්දුවට පහරදෙමින් පන්දුවාර 15ක දී සිය ඉලක්කය සපුරාගත්තේ කඩුළු 10ම අතැතිවය.

දිමුත් කරුණාරත්න ලකුණු 61ක් රැස්කරගත් අතර පැතුම් නිශ්ශංක රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 37කි.  ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 100කි.

මෙම ජයග්‍රහණයත් සමඟ තමන් සහභාගී වූ තරඟ දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර මීට පෙර තරඟ දෙකක් ජයගෙන සිටි ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් දළ ලකුණු වේගය ශ්‍රී ලංකාවට වඩා අඩුවීමත් හේතුවෙන් දෙවැනි තැනට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!