spot_img
spot_imgspot_img

රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන්න යැයි, තානාපතිවරු දැනුම් දීලා ?

පුවත්

විදෙස්

තමන්ට ඉල්ලා අසවන ලෙස ඇතැම් තානාපතිවරුන් දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

මෙම ඉල්ලීම් සිදුකරන ලද්දේ ඇතැමි ජනමාධ්‍ය ආයතනවල උසිගැන්වීමෛන් තම නිවසට ගිනි තැබීම සිදුවූ දිනට පසු දින බව ද හෙතෙම පවසා ඇත.

කතානායකවරයාට ජනාධිපතිවරයා‍ ලෙස වැඩබාරගන්නා ලෙස ඉල්ලීමක් ද තිබූ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“එදා උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරයට කඩා වැදෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂිතව වරාය පරිශ්‍රයෙන් පිටවෙලා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදව්වෙන් ආරක්ෂා වුණා. එදා සවස පක්ෂ නායකයන් රැස්වෙලා කරපු සාකච්ඡාවේ දී ඒ අය තීරණය කළේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියලා. ඒ වගේ ම මම වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතුයි කියන අදහසත් ඉදිරිපත් වුණා. නමුත් විපක්ෂය කිව්වේ මමත් ඉල්ලා අස්විය යුතුයි කියලා. මම ඒ වෙලාවේ කිව්වේ ව්‍යවස්ථානුකූලව අගමැතිවරයෙක් පත්කරගන්න එවිට මම ඉල්ලා අස්වෙන්නම් කියලා. ඒ අතර තමයි මගේ ගෙට ගිනි තිව්වේ. ඒ අයගේ බලාපොරොත්තුව වුණේ ගෙට ගිනිතැබුවාම මම ඉල්ලා අස්වෙයි කියලා. ඒ අතර කතානායකට වැඩබලන ජනාධිපතිවරයා වෙන්න කියලත් ඇතැම් අය යෝජනා කළා. එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප වුණාම මම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයා රටින් පිටව ගියා. මම කැබිනට් මණ්ඩලය රැස්කළා.  ගැටුම් දිගටම පැවතුණා. අගමැති කාර්යාලය වටකරා. මට අවශ්‍ය වුණේ නැහැ ඔවුන්ට වෙඩි තබන්න කියා නියෝග කිරීමට අරගලකරුවන් පාර්ලිමේන්තුවටත් පැමිණෙමින් සිටියා. විපක්ෂය මේ කටයුතුවලට සහය වුණා. පාර්ලිමේන්තුව මේ විදියට අවදානමට ලක්වීම නිසා එය ආරක්ෂා කරන්න කියා මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් තමන්ට තිබූ හොඳම බලඇණියක් නිරායුධව එම ස්ථාානයේ ස්ථානගත කළා. උද්ඝෝෂකයන් සාර්ථකව විසුරුවාහැරියා. මම ඒ අවස්ථාවේ දී තීරණය කළා රටේ පවතින තත්වය සමථයකට පත්කරගන්න නම් මම ජනාධිපති ධූරයේ වැඩ බාරගත යුතුයි කියලා. හිටපු ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම එවා තිබුණේ මට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න කියා ඉල්ලීමක් කරමින්. නමුත් අරගලකරුවන් කැමති වුණේ මා ජනාධිපතිධූරය භාරගන්නවාට. නමුත් මම ඒ වගකීම භාරගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!