spot_img
spot_imgspot_img

“කඩවර දෙයියෝ”, දැරියකට අතවර කළා යැයි අත්අඩංගුවට

පුවත්

විදෙස්

“කඩවර දෙවියන්” පැමිණ ඇතැයි පවසමින් පාසල් සිසුවියකට අතවර කළා යැයි සැකපිට, කොකාවැව, අලුත් දිවුල් වැව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ නිට්ටඹුව, කලගෙඩිහේන පදිංචි පාසල් සිසුවියකි.

ඇයට අද්භූත බලවේගයක බලපෑම් ඇතැයි පවසමින් මෙම දේවාලයට දැරිය රැගෙන ගොස් ඇත්තේ මව විසිනි. දැරියට ඇති බලවේගය ඉවත්කිරීමට සාත්තුවක් කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් මව සහ දියණිය දෙදෙනාම දේවාලය ඇතුළට ගත් කපුවා යාතිකා කිරීම ආරම්භ කළ බවත් ටික වේලාවකින් එම බලවේගය ඉවත්කිරීම සඳහා මවට එළියට ‍යන ලෙස දැන්වූ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අනතුරුව “කඩවර දෙවියන්” පැමිණ සිටින බව සඳහන් කරමින් දැරියට ඇඳුම් ගලවා දමන ලෙස පවසා ඇත. නමුත් දැරිය එය ප්‍රතික්ෂේප කළ විට කපුවා කිහිප වතාවක් ම “කඩවර දෙවියන් පැමිණ සිටිනවා” යනුවෙන් පවසමින් තමන්ට අතවර කළ බව දැරිය පොලිසියට කළ පැමි‍ණිල්ලේ සටහන් කර ඇත.

මේ පැමිණිල්ලට අනුව අද (12) කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොකාවැව පොලිසිය පවසන්නේ කපුවා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!