spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 10,693ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,198ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,818ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 975
  • හේලීස් සමාගම රුපියල් මිලියන 375
  • ලංකා අයිඔ්සී සමාගම රුපියල් මිලියන 126

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  කොටස් මිලියන 6.9
  • එල්ඔ්එල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 6.4
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රෙජින්ග්ස් ලංකා සමාගම 09%
  • රම්බොඩ ෆෝල්ස් සමාගම 08%
  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් මිලියන 4.638ක් රුපියල් 71.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.35ක් රුපියල් 140.00 බැගින්
  • එල්බීෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 53.50 බැගින්
  • සියෙරා කේබල් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 10.50 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 466,000ක් රුපියල් 65.80 බැගින්
  • කළම්බු ෆොර්ට් ලෑන්ඩ්ස් සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 28.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 253
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඔ්එල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 121ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 239ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 35
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 107
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 35
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles