spot_img
spot_imgspot_img

මෛත්‍රී සිරකරුවන්ට සළකපු හැටි, අධිකරණයේ දී දිගහැරේ

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග රැසක් ගැටලු සහගත බවත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කෙරිණි.

රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ දී වරදකරු ලෙස නම්කර මරණ දඬුව් නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙපත්නමක් විභාගයට ගත් අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී මෙම පෙත්සම සළකා බැලිණි.

කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී එස්.තුරෙයිරාජා විනිසුරුවරයා විවෘත අධිකරණයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දැනුම් දුන්නේ මරණ දඬුවම් නියම වී සිටි පුද්ගලයන් 70කට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්ථනය කිරීමට කටයුතු කර ඇති බැවින් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා කුමක්ද යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

ජූඩ් ශ්‍රමන්ත ජයමහ වෙත ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට පෙර ඔහු ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයන් 70කගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්ථනය කිරීමට කටයුතු කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේය. ඔවුන්ට එලෙස දඬුවම් වෙනස් කිරීමේ පාරදෘෂ්‍ය බව පිළිබඳ ගැටලුවක් ඇති බවත් එයට හේතු වූ පදනම කුමක්ද යන්නත් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන් ම මෙලෙස දඬුවම් වෙනස් කළ අය අතර මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ අය ද සිටිය හැකි බව ද එහි දී සඳහන් කෙරිණි.

මේ අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් වරදකරුවෙකුට සමාවදීමට පෙර ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරු වරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවන් කැඳවීම අත්‍යවශ්‍ය බව ද නීතිඥවරයා පෙන්වාදුන්නේය. එසේ වුව ද රෝයල් පාර්ක් සිද්ධියේ වරදකරු වූ තැනැත්තාට සමාව දීමේ දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යවරයාගෙන් සහ අදාළ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ජයමහ  නමැත්තාට ජනාධිපති සමාව දීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කර ඇත්තේ ඔහුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට නොහැකි බවට ජනාධිපති නීති ලේකම් විසින් දැනුම් දී තිබියදී බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!