spot_img
spot_imgspot_img

සූර් වූ සුරාබදු නිලධාරීන්, වන් ගෝල්ෆේස් හි යකා නටයි

පුවත්

විදෙස්

වන් ගෝල්ෆේස් හි පීසා අවන්හළට ඊයේ (05) රාත්‍රී බීමතින් පැමිණි සුරාබදු නිලධාරීන් පිරිසක් එහි සේවකයකුට පහර දෙමින් කලබලකාරී ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් පීසා අවන්හළේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වාර්තාවේ.

මෙම කලහකාරී හැසිරීම එහි සීසීටීවී කැමරාවල සටහන්ව ඇති අතර එම දර්ශන මේ වනවිට මාධ්‍යවෙත ද නිකුත් කර ඇත.

වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ හයවැනි මහළෙහි පිහිටි පීසා ආපන ශාලාවකට පැමිණි අයකු එහි මේසය මත සේවකයකු විසින් තබා තිබූ හෙල්මටයක් රැගෙන යාමට උත්සාහ ගනිද්දී ආපන ශාලාවේ කළමනාකරු සහ ප්‍රධාන කෝකියා අතර යම් බහින්බස්වීමක් ඇති වී තිබේ. එම හෙල්මටය ප්‍රධාන සූපවේදියාගේය. එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයක් ම ප්‍රධාන සූපවේදියාට පහරදීමට උත්සාහ ගෙන ඇත. එම පොරබැදීමේ දී සුරාබදු නිලධාරීන් බිම වැටෙන දර්ශන පවා සටහන්ව ඇත.

පසුව මෙම ස්ථානයට සුරාබදු නිලධාරීන් 15 දෙනකු පමණ පැමිණ ප්‍රධාන සූපවේදියාට බිම පෙරළාගෙන දරුණු ලෙස පහරදීමක් සිදුකරයි.

මෙ‍ම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ප්‍රධාන සූප‍වේදියා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබයි. සුරාබදු නිලධාරීන් දෙදෙනකු ද රෝහල්ගතව සිටී.

ගැටුම ඇතිකරගත් සුරාබදු නිලධාරීන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් නීතිඥ නිහාල් තල්දූව පවසයි.

කොළඹ කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!