spot_img
spot_imgspot_img

නාමල්ඔය, චණ්ඩි හාමුදුරුවෝ මිනිසුන්ගේ නිවෙස්වලට අලිවෙඩි ගහයි. පොලිසියත් වගකිව යුතුයි

පුවත්

විදෙස්

නාමල්ඔය මාර්ගය අයිනේ ඉදිකරන ලද බුදු පිළිමයක් අසළ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට විරුද්ධ වූ ප්‍රදේශවාසියකුගේ නිවසක් වට කළ නාමල්ඔය සෝරත නමැති භික්ෂුවක් සහ නාමල්ඔය බෞද්ධයෝ නමැති සංවිධානයක් මේ වනවිට එම නිවසට අලි වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.

බුදුන් වදාළ දහම සිංහලද්වීපයට ගෙන එන ලදැයි සැළකෙන අද දිනයේ නාමල්ඔය ‍සෝරත විසින් සිදුකරන මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සම්බන්ධයෙන් එම නිවැසියන් ඉඟිනියාගල පොලිසියට සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දුන්න ද මෙතෙක් පොලිසිය පැමිණ නැත.

පසුගිය 31 වැනි දා සිට එම නාමල්ඔය වටරවුමේ බුදු පිළිමය අසළ සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ගයේ ශබ්ද විකාශන යන්ත්‍ර 10කට වඩා සවිකර රාත්‍රී පුරා එළිවනතුරු පිරිත් ඇතුළු විවිධ ශබ්ද විකාශන සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි රැසක් සිදුකර ඇතත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

අපි මෙම නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එක් අයකු විසින් පමණක් මේ ශබ්ද විකාශනයට එරෙහිව පැමිණිලි සිදුකර ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා එසේ කීව ද නීති විරෝධී ශබ්ද විකාශන භාවිතා කිරීම සංඥය වරදක් ලෙස හඳුන්වයි. ඒ සඳහා පොලිසිය ක්‍රියාත්මක වීමට පැමිණිල්ලක් අවශ්‍ය වන්නේ නැත.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙයින් බාධාවක් වන බවට පැමිණිලි රැසක් පොලිසියට ලැබී තිබුණු අතර ලංකා ගුරු සංගමය ද මෙම ශබ්ද විකාශන යන්ත්‍රවලට එරෙහිව පොලිසියට පැමිණිලි කර තිබිණි.

නාමල්ඔය වටරවුමේ බුදු පිළිමය අසළ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට එරෙහිව මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබූ අතර එම පැමිණිල්ලෙන් පසු එම ශබ්ද විකාශන යන්ත්‍ර නවතා දැමිණි. නමුත් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිලි කළ පසු එම අධිකාරිය පොලිසියට උපදෙස් දුන්නේ ශබ්ද විකාශන යන්ත්‍රවලට එරෙහිව නඩු පවරන ලෙසයි. නමුත් පොලිසයි නීතිය ක්‍රියාත්මක කළේ නැත.

දැන් නාමල්ඔය සාරද හිමි විශාල පිරිසක් සමඟ පැමිණ, එලෙස මානව හිමිකම් කොමිසමට සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිිකාරියට පැමිණිලි කළ පුද්ගලයාගේ නිවසට අලිි වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.

මෙම ස්ථානයේ කුඩා බුදු පිළිමයක් පැවති අතර සෝරත හිමි පිරිසක් සමඟ එක්ව ලක්ෂ ගණනින් මුදල් එකතු කරමින් විශාල බුදු පිළිමයක් ඉදිකර තිබේ. අද එහි වෙන්දේසියක් පවත්වමින් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කර තිබේ.

මාර්ග වටරවුම්වල උසැති ඉදිකිරීම් කිරීමට අවසරයක් නොමැති අතර පොලිසිය ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු නොකිරීමෙන් ද අධිකරණයට අපහාසයක් සිදුකර තිබේ.

(පොලිස් නිලධාරීන් ද මේ ඉදිකිරීම් සමඟ සම්බන්ධ වී සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!