spot_img
spot_imgspot_img

වතු සේවකයෝ ලෙඩ වෙති

පුවත්

විදෙස්

වතු කාර්ය මණ්ඩල සාමාජිකයන් අසනීප නිවාඩු ගැනීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ.

2024 වර්ෂයේ සිට ලබාදීමට නියමිතව තිබූ 5%ක දීමනාව ලබා නොදීමට ජනවසම පාලනාධිකාරිය තීරණය කිරීම

ලංකා වතු සේවා සංගමය සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය අතර අත්සන් තැබෙන ජනවසම වතු කර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි තීරණය කරන ගිවිසුම

2022 දී ලංකා වතු සේවා සංගමය සහ ලංකා සේව්‍ය සංම්මේලන අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව 30% වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟ වී තිබිණි. ඉන් 25% මුල් අදියරේ දී ලබාදීමටත් ඉතිරි 5% 2024 වර්ෂයේ දී ලබාදීමත් එකඟ විය. නමුත් එම ගිවිසුම කකරමින් 2024 දී ලබාදීමට නියමිතව ඇති 5% වැටුප් වැඩිවීම ලබා නොදීමට ජනවසම පාලන අධිිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹ ඇත.

මහනුවර, මාතලේ, නාවලපිටිය සහ මොනරාගල  ප්‍රදෙශවල පිහිටි ජනවසම වතු වල මෙම ක්‍රියාමාර්ගය දියත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් පල කළ ලංකා වතු සේවා සංගමයේ සභාපති  නිශාන්ත වන්නිආරච්චි කියා සිටියේ මේ වන විට ජනවසම වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේමෙම ක්‍රියාමාර්ගය  සමස්ත වතු කාර්ය මණ්ඩල සමාජිකත්වයේ අවධානයට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනවසම පාලකයින් දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරන බවත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!