5.2 C
New York

කළුතර දැඩි අවදානමක

Published:

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ඉදිරි පැය කිහිපයේ දී හදිසි ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි බව ජාතික අපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද (02) උදෑසන 9.30ට විවෘත කර ඇත.

මේ නිසා කළු ගඟ පහළ පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටින ලෙස කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර පවසයි.

මේ වනවිට මඟුරු ඇළ පිටාර ගැලීම හේතුවෙන් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබිණි.

කලවාන – බදුරලිය මාර්ගයේ මිදලන සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පී.එස්.හංදිය, අගලවත්ත කුඩලිගම  මාර්ගයේ  දුල් ඇල්ල ප්‍රදේශය,  වලල්ලාවිට අවිත්තාව මාර්ගයේ  තොටහ යන ප්‍රදේශ ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.

කර්නල් අමරසේකර පවසන්නේ සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩල සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීමට ද කටයුතු කළ බවයි.

මේ අතර පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ අවදානමක් සහිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂාකාරීවන ලෙස ද දැනුම් දී තබේ.

Related articles

Recent articles

spot_img