spot_img
spot_imgspot_img

ජලය විෂ වී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලෙඩවෙති. හෝටලයට නඩු

පුවත්

විදෙස්

චෙස් තරඟාවලියක් අතරතුර ජලය විෂවීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු තරඟකරුවන් 100ක පමණ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තාවේ.

ජාත්‍යන්ත ශ්‍රේණිගත කිරීම් සඳහා ලකුණු ලබාදීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ අනුමැතිය ඇතිව මෙම තරඟාවලිය පවත්වා‍ ඇත්තේ හික්කඩුව ලවන්ගා හෝටලයේ ය. මෙම හෝටලයේ මීට පෙර ද දැඩි අපිරිසිදුතා හේතුවෙන් දැඩි ලෙස අවවාද කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

පසුගිය 25 වැනි දා සිට අද (30) දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙන අතර එ් සඳහා ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ ශ්‍රී ලාංකික පාසල් සිසුන් සහ විවෘත තරඟාවලි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 650ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරන අතර එය මෙවර පැවැත්වෙන්නේ 10 වැනි වතාවටය. ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගී වන බැවින් එය ජාත්‍යන්තර තරඟාවලියක් ලෙස නම් කර තිබේ.

මෙම තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 100ක පමණ පිරිසකට බඩේ වේදනාව, වමනය, කරකැවිල්ල ආදී රෝග මතු වූ බවත් ඉන් 40කට පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවූූ බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ක්‍රීඩකයන් දෙදෙනකු ආරච්චිකන්ද රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හදිසියේ ම රෝගාතර වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝටලය පරීක්ෂාකර ඇති අතර එහි දී අනාවරණය වී ඇත්තේ ඔවුන්ට ලබා දී ඇති පානීය ජලය විෂ වී ඇති බවයි. එක් ක්‍රීඩකයකු තම වතුර බෝතලයට පුරවාගත් වතුර නිවසට ගෙනගොස් නැගණියට ලබාදුන් පසු ඇය ද අසනීප වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වාර්තා වී ඇත.

මෙම හෝටලයට ජලසම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ජල සැපයුම් ඇතත් ඉහළ මහළේ ටැංකි 05කට වතුර පුරවා බෙදාහැරීම සිදුකරයි. මහජන පරීක්ෂකවරුන් විසින් ඒ ටැංකි පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එම ටැංකි ආවරණය කර නොතිබුණු බවයි. මේ අනුව හික්කඩුව ලවන්ගා හෝටලයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.

මෙවැනි විශාල පිරිසක් සහභාගීවන තරඟ සංවිධානය කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක් කළ යුතු වුව ද තරඟය සංවිධානය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර නැත.

තරඟාවලිය සඳහා සහභාගීවන පාසල් සිසුන්ගෙන් රුපියල් 6,000.00ක මුදලක් අයකළ බවත්, ඒ ආහාර පාන වියදම් නැතිව තරඟ ලියාපදිංචි ගාස්තුව පමණක් බවත් දෙමාපියෝ චෝදනා කරති. ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝගාගතුරවීම නිසා තරඟ අතරමඟ නවතා දමා ගොස් ඇත.

විවෘතව පැවැති ටැංකිවලට සතුන් වැටී නරක්වී තිබෙන්නට ඇති බවත් කෑම පිසින මුළුතැන්ගේ පවා ඉතාමත් අපිරිසිදු බවත් හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්තක ප්‍රසාද් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!