spot_img
spot_imgspot_img

තලවතුගොඩ දී සොරකම් කළ කාරය මාතරින් හමුවෙයි. අති නවීන තාක්ෂණය සොරකමට යොදාගෙන

පුවත්

විදෙස්

තලවතුගොඩ දී සොරාගත් මෝටර් රථය මාතර දී සොයාගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී වාහන සොරාගැනීමට භාවිතා කරන අති නවීන මෘදුකාංග සහිත උපකරණයක්, සිම්පත් 2,000ක් පමණ සහ ඔවුන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

තලවතුගොඩ දී සොරකම් කර තිබුණේ බැංකු නිලධාරියකුට අයත් ‍රුපියල් කෝටියක පමණ වටිනාකමක් සහිත මෝටර් රථයකි.

තලවතුගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ දී මේ රථය සොරගෙන තිබිණි. වාහනයේ හිමිකරු ප්‍රතිකාර ගෙන ආපසු පැමිණෙද්දී ඔහුගේ රථය තිබී නැත. මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරිණි සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ රථගාල වෙත සැකකටයුතු වාහනයකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණෙන ආකාරයයි. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර සොරාගත් වාහනය ද සොයා ගැණිනි.

පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් දෙදෙනා කඩුවෙළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සන්ත‍කයේ තිබී වාහන ස්කෑන් කර පණගැන්විය හැකි මෘදුකාංග සහිත උපකරණයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. එම උපකරණය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 60,000.00ක මුදලකට මිල දී ගත් බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.  සැකකරුවන් දෙදෙනා සතුව දුරකථන සිම්පත් 2,000ක් පමණ තිබූ බව ද පොලිසිය පවසයි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමේ දී පැහැරගත් මෝටර් රථය මාතර තිහගොඩ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබී සොයාගෙන ඇත. වාහනයේ ලියාපදිංචි අංක තහඩු ළිඳකට විසිකර දැමූ බව සැකකරුවන් පවසා ඇති අතර පොලිසිය එම අංක තහඩු දෙක ද සොයාගෙන තිබිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!