spot_img
spot_imgspot_img

හොර පාස්පෝට් අරන් රටට ඇතුළු වූ විදේශිකයන් පිටුවහල් කරන්න ඉඩ නොදුන් රාජ්‍ය ඇමතිගේ ලියුම

පුවත්

විදෙස්

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහිිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත්කළ චීන ජාතිකයන් දෙදෙනකු සහ ඊජිප්තු ජාතිකයකු රටින් පිටුවහල් කිරීමට කටුයතු කර තිබිය දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත ඉල්ලීමක හේතුවෙන් ඔවුන් මුදාහැරීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.

මෙය ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් බව නීතිවේදීන් සඳහන් කරයි.

ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ මේ ඉල්ලීම අනුව ඔවුන් මුදාහැරීමට උපදෙස් දී ඇත්තේ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය විසිනි.

පසුගිය 18 වැනි දා මෙම විදේශිකයන් ඩුබායි සිට මෙම විදේශිකයන් තිදෙනා එමිරේට්ස් ගුවන් යානයකින් කටුනායකට පැමිණ ඇත.

එසේ පැමිණ රටට ඇතුළුවීම සඳහා නිෂ්කාශන කටයුතු සිදුකිරීමේ දී පෙනී ගොස් ඇත්තේ අප්‍රිකාවේ ගිනි රාජ්‍යය මගින් නිකුත්කළ බව සඳහන් ගුවන් ගමන් බලපත්‍රයක් ඔවුන් ඉදිරිපත් කළ ද එය ව්‍යාජ එකක් බවයි. මෙම බලපත්‍රය ඉදිරිපත් කර ඇති චීන ජාතිකයා එම කණ්ඩායමේ ප්‍රධානියා බව ද පවසා ඇත.

ඔහු ඩුබායි සිට කටුනායකට පැමිණීමට භාවිතා කර ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි. මෙය කූඨ ලේඛනයක් බව අනාවරණය වීමත් සමඟ විදේශිකයන් තිදෙනා කලහකාරී ලෙස හැසිරී ඇති ඔවුන් ගුවන් තෙටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ එමිිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව පාලය කර ගුව්න සේවා රැඳවුම් කුටියට යොමුකර තිබිණි. ඉන් පසු ඔවුන් තිදෙනා මෙරටින් පිටුවහල් කිරීමට සියල්ල සූදානම් කෙරිණි.

මේ විදේශිකයන් තිදෙනා තමන්ට රටට ඇතුළුවීමට අවස්ථාව දෙන්නේ නම් විශාල මුදලක් අල්ලස් ලෙස ලබා දීමට ද ගුවන් තොටුපොළ නිලධාරීන්ට යෝජනා කර තිබිණි. ඒ අතර ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් රැසක් ගුවන්තොටුපොළට ලැබී තිබිණි. ඒවායින් කියා ඇත්තේ ඔවුන් නිදහස් කරන ලෙසයි.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම විදේශිකයන් තිදෙනා ආයෝජකයන් බවත් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ආගමන විගමන පාලකවරයා ලෙස ලිපියක් එවා තිබිණි. ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඊයේ (20) අලුයම නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!