spot_img
spot_imgspot_img

රටක් මුළා කළ අයවැය යෝජනාවක්. ජනපතිලා, මන්ත්‍රීලා සුවසේ විශ්‍රාම වැටුප් සහ දීමනා ගනිති

පුවත්

විදෙස්

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීම සංශෝධනය කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී ස්ථිර කරන ලද යෝජනාව වසර තුනක් ගත වී ඇතත් හුදු ප්‍රකාශයකට පමණක් සීමා වී තිබේ.

2021 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් 2020 නොවැම්බර් මාසයේ දී එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම යෝජනාව ගෙන ආවේය. 2021 අයවැය සම්මත වූයේ එම යෝජනාව ද සමගිනි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කළ යුතු බවට වූ යෝජනාව සම්මත වී මේ වනවිට වසර 03කට ආසන්න වී තිබේ.

නමුත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි සහ අණපනත් මෙතෙක් සම්මත කර නොගැනීම හේතුවෙන් එය අයවැය යෝජනාවක් පමණක් ම වී තිබේ.

ජනාධිපතිවරයකු මාස දෙක තුනක් හෝ වසර දෙක තුනක් ජනාධිපතිධුරය හොබවා විශ්‍රාම ගියද , ඔහුට සහ ඔහුගේ ඇවෑමෙන් බිරියට විශ්‍රාම වැටුප ඇතුළු පහසුකම් සැපයෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වීමෙන් පසුව ,පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව, විශ්‍රාම වැටුප් හිමි වෙයි.

2021 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි, ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 05ක් සම්පූර්ණ කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර 10ක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු වේ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට මෙන් ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද දැනටත් හිමිවේ. හේමා ප්‍රේමදාස තමන්ට හිමිව තිබූ නිල නිවස ප්‍රතික්ෂේප කළ බව පසුගිය දා කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!