spot_img
spot_imgspot_img

දෙමාපියන් රවටා, විදුහල්පති බේරාගැනීමට කුමන්ත්‍රණයක්

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල විදුහල්පතිනිය බේරාගැනීම සඳහා දෙමාපියන් රවටා පෙත්සමක් අත්සන් කරගැනීමේ කූඨ ව්‍යාපාරයක් හෙට (21) ක්‍රියාත්මක වෙමින් තිබේ.

අපර වාර්තාකරුවන් පවසන්නේ හෙට දිනයේ මෙම පාසලේ ඩෙංගු මර්ධන ශ්‍රමදානයක් පැවැත්වෙන බවයි. එම ශ්‍රමදානයට සහභාගීවන ලෙස සියලු දෙමාපියන් දැනුම්වත් කර ඇත. ඩෙංගු මර්ධන ශ්‍රමදානයට පැමිණෙන දෙමාපියන්ගේ සහභාගීත්ව අත්සන් ලේඛන ලබාගැනීමට සැළසුම් කර ඇත්තේ අදාල මාතෘකාව සඳහන් නොකළ හිස් කොළවලය.

ඉන් අනතුරුව, පාසලේ විදුහ්ලපතිනිය ඉතාමත් හොඳන් පාසල පරිපාලනය කරන බවත්, ඇය අධ්‍යාපනය සංවර්ධනය කරන බවත් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණ හේතුවෙන් ඇයට අසත්‍ය චෝදනා එල්ල වී ඇති බවත්, ඒ නිසා විදුහල්පතිනිය පාසල වෙනුවෙන් අවශ්‍යයැයි සඳහන් ලිපියකට මේ සියලු දෙමාපියන්ගේ අත්සන් ලේඛන අමුණා එය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යැවීමට සැළසුම් කර තිබේ.

මෙම විදුහල්පතිනිය සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා රැසක් එල්ල වී ඇති අතර පාසලට උසස් පෙළ සඳහා අලුතෙන් පැමිණි ළමුන්ගෙන් මුදල් එකතුකිරීමේ සිද්ධියක දී ඒවා ව්‍යාපාරිකයකුගේ පුද්ගලික ගිනුමකට බැරකිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් ද මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතී. මෙම පරීක්ෂණ හේතුවෙන් ඇයට ස්ථානමාරුවීමක් ඉදිරි දිනක ලැබීමට නියමිත යැයි ඇති තොරතුරක් හේතුවෙන් එය වළක්වාගැනීමට මේ සැළසුම ක්‍රියාත්මක වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!