spot_img
spot_imgspot_img

පාසල් සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගත්, පාසල් සිසුවා අත්අඩංගුවට

පුවත්

විදෙස්

පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් 12 දෙනකු රවටා නිරුවත් ඡායාරූප ලබාගත්  පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවෙකි.

නිරූපන ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින් ඔහු පාසල් සිසුවියන් සහ වෙනත් තරුණියන් රවටමින් මෙලෙස නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට විමර්ශනයක් සිදුකර මේ සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු වට්ස්ඇප් ඔස්සේ ප්‍රසිද්ධ නිරූපිකාවකගේ සහෝදරියක ලෙස පෙනී සිටිමින් එම පාසල් සිසුවියන් සහ තරුණියන් රවටා තිබේ.

මෙම තරුණයා විසින් රවටාගෙන නිරුවත් ඡායාරූප ගෙන්වාගත් අය අතරින් වැඩි පිරිසක් පාසල් සිසුවියන් වන අතර ඉන් 05 දෙනකුම ඔහු සමඟ උපකාරක පන්තිවලට සහභාගී වූ මිතුරියන් බව ද පොලිසියට අනාවරණය වී තිබේ. ඔහු උපකාරක පන්තියේ සේවිකාක ද මේ ආකාරයෙන් ම රවටාගෙන තිබිණි.

‍පොලිසිය පවසන්නේ මෙම පාසල් සිසුවාගේ පරිගණකයේ සම වයසේ සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් තිබෙනු දුටු පාසල් සිසුවෙක් විසින්ම ඒ බව අදාල සිසුවියට පවසා ඇති බවයි. ඒ අනුව තමන් රැවටීමකට හසුවී ඇති බව කියමින් ඇය සියදිවි නසාගන්නා බව කියමින් මව්පියන් වෙත ලියූ ලිපියක් මිතුරියකට දී ඇති අතර ඒ සමඟ මේ පිළිබඳ පොලිසියට දැනුම් දීමක් ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!