කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කිරිපිටි ආනයන කරුවෝ කියති.
එසේ වුව ද වෙළෙඳ අමාතයාංශය ඊයේ (12) නිවේදනය කළේ ආනයන කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200.00කින් සඳුදා (15) සිට අඩුකරන බවයි.
ආනයනකරුවන් පවසන්නේ කිරිපිටි මිල අඩුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ සම්බන්ධ අවසන් තීරණයක් 15 වැනි දා ගැනීමට හැකිවනු ඇතැයි ද අඩුකරන මුදල සහ දිනය සම්බන්ධ කිසිම එකඟතාවක් නැතිය ද ඔවුන් පවසයි.