spot_img
spot_imgspot_img

“මෝඛා“ සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්

පුවත්

විදෙස්

ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති “මෝඛා“ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් අද (12) සහ ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවට දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බස්නාහිර, සබබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථාවල මිලි මීටර 100කට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

ඌව සහ උතුරු මැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මොඛා සුළිි කුණාටුව මේ වනවිට බෙංගාල බොක්කේ උතුරු ප්‍රදේශයට ගමන් කරමින් තිබෙන අතර ඒ හේතුවෙන් බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශයට ඉතා චණ්ඩ සුළි කුණාටු තත්වයක් ඇතිවිය හැකිය. මෙම සුළි කුණාටුව මැයි 14 වැනි දින දහවල් කාලයේ දී ගිනිකොණ දිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පුරෝ කථනය කරති.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!