spot_img
spot_imgspot_img

වෘත්තිය පුහුණු අධිකාරයේ නිලධාරීන්ගේ බඩ ගෝස්තරය හෙළිවෙයි

පුවත්

විදෙස්

දේශපාලනය, දේශපාලනය කියමින් වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් තමන්ගේ බඩ වඩාගෙන ඇතැයි කෝප් කමිටුවේ සභාපතී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළීබඳ කාරක සභාවේ දී  ඊයේ (09) ප්‍රකාශ කළේය.

වෘත්තීය පුහුණු අධිකරිය කෝප් කමිටුව හමුවට ඊයේ දෙවැනි වරට කැඳවා තිබිණි.

එහි දී අදහස් දැක්වූ කේාප් කමිටු සභාපතිවරයා කියා සිටියේ වෘත්තීය පුහුණු අධිිකාරිය ඉතාමත් නරක තැනක තිබෙන බවයි. ආරම්භ නොකළ පාඨමාලා සඳහා රුපියල් කෝටි ගණන් වැය කරමින් විවිධ භාණ්ඩ ගෙන්වා ඇති බව ද සභාපතිවරයා එහි දී පෙන්වා දුන්නේය.

“වෘත්තීය පුහුණු අධිකාරිය, ඉතාමත් නරක තැනක අද තියෙන්නේ. අපි කැඳවීමක් කළා. කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයකුට ඒත් අද ඇවිත් නෑ. ඔහු මේ ආයතනය බිඳ වැටීමේ අන්තිම ඇණයත් ගහලා ගිහින් තියෙන්නේ අමාත්‍යාංශ්‍ය නිසි ආකාරයෙන් මෙහි නිරීක්ෂණ කටයතු කරලා නැහැ.

ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් 10ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහර අය පත්කරලා සමහරු ගෙදර යවලා. සමහරු මාරු කරලා. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාස 04ක් ගෙදර තියලා රුපියල් 486,616.16ක වැටුප් ගෙවලා. මේවා අපි කාගෙන්ද අයකරගන්නේ.

අහංගම හෝටල් පාසල සංචාරක හෝටලයක් ලෙස නවීකරණය කරන්න රුපියල් මිලියන 148ක් වියදම් කරලා,  පොතුවිල් හෝටල් පාසල සංචාරකයන්ට පහසුකම් සපයන්න කාමර 10ක් සකසන්න මිලියන 33ක් වියදම් කරලා, කරෙයිනගර් හෝටල් පාසලේ වායු සමනය කරන ලද කාමර 12ක් ඉදිකරලා. මේ එකකවත් පුහුණු වෙන ළමයි නෑ.

වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලංගනී පෙරේරා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ 2013 වර්ෂයේ දී ලොක් බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව නිර්දේශ දීලා තිබුණු නිසා 2014 පටන් ගත් බවත් දේශපාලන වෙනස්කම්වල දී මෙය ඇදී ගිය බවත්ය.

අහංගම දේශපාලන වෙනස්කම් නිසා කැබිනට් එකට දෙපාරක් දාලා තුන්වතාවක් විවෘත කළා යැයි ද ඇය කීවාය.

පාන් කන්න අවශ්‍යනම් බේකරියක් ගෙදර නොදාන බවත්, හෝටල් පාසලක් පවත්වාගෙන යන්න එය හෝටලයක් බවට පත්කරන්න අවශ්‍ය නැති බවත් සභාපතිවරයා කීවේය. ඒ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන කරුණු සැළකිල්ලට ගත යුතු යැයි කී විට අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියේ ඇත්ත තත්වය තමන් දන්නා බවයි දැන් ඒවාට කිසිවක් කළ නොහැකියැයි ද ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!