spot_img
spot_imgspot_img

ඉහළම ජාත්‍යන්තර සම්මානයක අවසන් තිදෙනා අතරට ආ ශ්‍රී ලාංකිකයා

පුවත්

විදෙස්

ලෝකයේ ඉහළම පිළිිගැනීම ඇති Photojournalism සම්මාන උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධනගේ නම යෝජනා වී තිබේ.

ඇමරිකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ ජාතික ජෝසෆ් පුලිට්සර් නමින් මෙම සම්මාන උළෙල පවත්වයි.  19 වන සියවසේ අගභාගය වන විට දූෂිත දේශපාලනය, දූෂිත රාජ්‍ය පාලනය, සමාජ අරගල ආදී විෂයයන් කතාබහට ලක් කරන වේදිකා නාට්‍ය, සංගීතය සහ වාර්තා ඡායාරූපකරණය සම්බන්ධයෙන් පුලිට්ස්ර් සම්මාන  උළෙල ආරම්භ කලේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි.

Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා අතරට එරංග ජයවර්ධන නම ඇතුළත් ය.

ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුද හමුවේ ආරම්භ වූ අරගලයේ දී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්, මජහනතාව රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීඹ, ජන ගෝෂා, ජනතාව ජයග්‍රහණය සැමරීම, මහජන කෝපය කැපී පෙනෙන ලෙස කැමරාවට හසුකර ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අවසන් නාමයෝජනා අතරට පත්ව තිබේ

ඡායාරූප පත්‍රකලාවේදී ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි කටයුතු කර ඇති එරංග මෙරට පුවත්පත් කිහිපයකට ම සම්බන්ධ වී කටයුතු කර තිබේ

එරංග, ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත 2002 වර්ෂයේ සම්බන්ධ වූයේ ය. 2004 සුනාමිය, උතුරේ වර්ගවාදී අර්බුධය, මානව හිමිකම් උල්ලංඝනය වීම්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩා, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන ඇතුළු දේශීය හා විදේශීය සිදුවීම් රැසකට ඔහු සිය මාධ්‍ය ආවරණ්‍ය ලබා දී තිබේ. .

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඡායාරූපකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇති එරංග, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන, ගැටුම් සහ සාමය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.

(තොරතුරු උපුටා ගත්තේ ලංකා නිවුස් වෙබ් හි ඉසුරු පරාක්‍රමගේ සටහනකිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!