spot_img
spot_img

දික්කසාද සැමියාගේ සහකාරිය ඝාතනය කළ කාන්තාව ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

තම දික්කසාද සැමියා සමඟ ජීවත් වූ කාන්තාවක ඝාතනය කර පළා යමින් සිටි කාන්තවක සහ ඇගේ සහෝරයා ප්‍ර‍දේශවාසීන්ගේ සහය ඇති අද (09) අත්අඩංගුවට ගත් බව මීගොඩ ‍ොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන, අළුපොත්දෙණිය පදිංචිය ඇති 52 හැවිරිදි වැන්දඹු කාන්තාවකි. ඇය මිතුරු වී සිටි පුද්ගලයකු සමඟ පාදුක්ක, වටරැක, ගම්මාන පාර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියාය. ඇය සමඟ ජීවත් වූ පිරිමි පුද්ගලයා පෙදරේරුවෙකි. ඔහු කලින් විවාහ වී දික්කසාද වී සිටි අයකු බව ද පොලිසිය කියයි.

ඔහුගේ දික්කසාද බිරිඳ මේ ඝාතනය සිදුකර ඇති අතර ඇය සමඟ ඇයගේ බාල සහෝදරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසය පසයි.

අද (09) උදෑසන එම නිවසේ පදිංචි පෙදරේරුවා සිය වෘත්තිය සඳහා පිටත්ව යාමෙන් පසු නිවසට පැමිණි සැකකාරිය සහ සැකකරු එහි සිටි කාන්තාවගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය සිදුකර ඇතැයි ද අනාවරණය වෙයි.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!