spot_img
spot_imgspot_img

ආපදා නිසා මරණ 05යි. පුද්ගලයන් 6,103ක් අවතැන්

පුවත්

විදෙස්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මරණ 05ක් සිදුව, පවුල් 1563ක පුද්ගලයන් 6,103ක් අවතැන්ව ඇතැයි වාර්තා වේ.

එමෙන් ම තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් දිස්ත්‍රික්ක පහකට නාය යාමේ තර්ජන ඇති බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

මැයි 01 වැනි දා සිට මේ දක්වා කොළඹ, කළුතර, ගම්පහ, පදුල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විශාල වශයෙන් පිරිස් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය 06 වැනි දා පදියපැලැල්ලේ, ඉඩම්පිටිය වඩුවාවල දියවලේ දිය නාමින් සිටි පාසල් සිසුවකු සහ සිසුවියක සැඩ පහර වැඩිවීමත් සමඟ දියේ ගසාගෙන යාමෙන් මියගොස් තිබිණි. මීගමුව, හුණුපිටිය ග්‍රාමසේවා වසමේ දෙපා ඇළ උතුරා යද්දී එක් පුද්ගලයකු සැඩ පහරට අසුව මියගොස් ඇතැයි වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ සිව්දරු පියෙකි. මේ අතර වේයන්ගොඩ දී ඇලේ සැඩපහරට ගසාගෙන ගිය 19 හැවිරිදි තරුණයකු සහ 19 හැවිරිදි තරුණියක ද මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව පසුගිය දිනවල ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 05කි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ අයහත් කාලගුණික තත්වය හටගෙන තිබේ. මෙය ඉදිරියේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිිබඳ ධීවර සහ නාවික ප්‍රජාව අවධානය යොමුකළ යුතු බවත්, අදාල මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

අද (08) දිනයේ දී ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර නැගෙනහි සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැන තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!