spot_img
spot_imgspot_img

ජනාධිපති අරමුදලේ, පාලක සභාව වසර හතරකට පසු රැස්වෙයි

පුවත්

විදෙස්

ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන්තවයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.

ජනාධිපපති අරමුලේ පාලක මණ්ඩලය මෙලෙස රැස්වී ඇත්තේ වසර 04ට පසු වීම විශේෂත්වයකි.

එම පාලක මණ්ඩලයට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නියෝජිතයන් දෙදෙනෙක් ඇතුළත් වෙති.

ඊයේ පැවති රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ සිටියේ නැත.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබාදෙන සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙහි දී සාකච්ඡා කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම හා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආදායම් මෙම අරමුදලට යොදවන අතර ඉන් කොටසක් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යභාර අරමුදල වෙත ප්‍රදානය කරයි

දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවට සහන සැළසීම ජනාධිපති අරමුදලේ මුඛ්‍ය පරමාර්ථය වෙයි. විශේෂයෙන් ම රෝගීන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට අවශ්‍ය අරමුදල් සැපයීම සිදුකරයි.

මේ වනවිට එවැනි ඉල්ලීම් සහිත ලිපිගොනු 12,000ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධ සියලු කාර්යයන් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින වනවිට අවසන් කළ යුතුයැයි ජනාධිපතිවරයා විසින් ‍දැනුම් දී තිබේ

දැනට ඇති ක්‍රමවේදය අනුව වෛද්‍යධාර අවශ්‍ය පුද්ගලයන්ට ඊට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා වසරකට වැඩි කාලයක් ගතවන බැවින් ඒ සඳහා විධිමත් කාර්යක්ෂම ක්‍රමවේදයක් සකසන ලෙස ද ජනාධිපිවරයා විසින් දැනුම් දී ඇත. ජනාධිපති අරමුදලෙන් මෙතෙක් ආධාර ලබාදුන් රෝගාබාධවලට අමතරව රෝගීන්ගේ ඉල්ලීම් සළකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය අනුව ආධාර ලබාදීම ගැන සළකා බැලිය යුතු බව ද මේ රැස්වීමේ දී ඉදිරිපත් වූ කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!