spot_img
spot_imgspot_img

LOLC සහල් නිෂ්පාදනයට නවීන තාක්ෂණය සමඟ එක්වෙයි

පුවත්

විදෙස්

LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies” Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුවිශේෂී සහල් වැඩිදියුණු කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇත.  මෙම නව තාක්ෂණය මගින්, සහල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැනට භාවිත වන තාක්ෂණික ක්‍රමවේදයන් තුළ දක්නට ලැබෙන  ප්‍රධාන දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා  විසඳුම් ඉදිරිපත් කරයි.

පේටන්ට් බලපත්‍ර ලාභී මෙම නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් විටමින් සහ පෝෂ්‍ය පදාර්ථවලින් අනූන,  අද්විතීය Health Gold Fortified Rice ^HGFR& නිෂ්පාදන මාලාව දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට LOLC Advanced Technologies විසින් කටයුතු කෙරිණි. වර්තමානයේ දී මෙම සුවිශේෂී සහල්  නිෂ්පාදන  Curcumin (කහ තුළ අඩංගු රසායනිකවල පෝෂණය), Bacopa & Centella (ගොටුකොල සහ ලුණුවිල තුළ අඩංගු පෝෂණය) සහ Tea Catechin (තේවල අඩංගු ක්‍රියාකාරී ද්‍රව්‍යවල අඩංගු පෝෂණය) යන ප්‍රභේදවලින් ලබා ගත හැකි අතර, ඉදිරියේ දී එම නිෂ්පාදන ප්‍රභේද ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බව LOLC Advanced Technologies සමාගම පවසයි. මෙම සෑම නිෂ්පාදනයක් ම සුවිශේෂී  සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීම විශේෂිතය. උදාහරණයක් ලෙස, Curcumin ප්‍රභේදය පිළිකා අවදානම අවම කිරීමත්, Catechins ප්‍රභේදය හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වීමත්, Bacopa & Centella ප්‍රභේදය  සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට සහ ආතතිය හා කාංසාව අවම කිරීම ඉලක්ක කර ගනිමින් නිපදවා තිබීමත් දැක්විය හැකිය.

Health Gold Fortified Rice නිෂ්පාදන 2022 අගෝස්තු මාසයේ දී මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කෙරුණු අතර, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ගැනීමෙන් පසුව එම නිෂ්පාදන දැන් පුළුල් ලෙස වෙළඳපොළ වෙත නිකුත් කෙරෙයි. මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ දේශීය සමාගමක් වන Brown and Company PLC විසින් අලෙවි හා බෙදා හැරීමේ කටයුතු සිදු කරන අතර, මෙම සෑම ප්‍රභේදයකින් ම ග්‍රෑම් 450 ඇසුරුම් මිල දී ගැනීමේ හැකියාව ඇත.

මෙම ජයග්‍රාහී හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් LOLC Advanced Technologies සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධනේෂ් අබේරත්න මහතා පැවසුවේ, “ ශ්‍රී ලංකාවේ දී සිදු කළ පුළුල් පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියකින් පසුව Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වා දීමට හැකි වීම ඓතිහාසික ජයග්‍රහණයක්.  අපගේ මෙම නව තාක්ෂණය සහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා  පේටන්ට් බලපත්‍රය හිමි වී තිබෙන බවත්, මෙම නිෂ්පාදන 100%ක් දේශීය නිෂ්පාදන බවත් සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්. ඒ වගේ ම මෙම නිෂ්පාදන සඳහා BRCGS” HACCP” ISO 2200, GMP සහ GMO වැනි ගෝලීය ප්‍රමිතීන් හිමි වී තිබීම ශ්‍රී ලාංකේය දක්ෂතාව සහ නවෝත්පාදන හැකියාව සඳහා උදාහරණ සපයනවා.” යනුවෙනි.

Health Gold Fortified Rice හි විශේෂත්වය වන්නේ එම සහල් නිෂ්පාදන සකස් කිරීමේදී සහ පිසීමේදී  එහි පෝෂ්‍ය පදාර්ථවලට හානියක් නොවීමයි. මේ ආකාරයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආහාරය වන සහල් හරහා  පෝෂ්‍ය පදාර්ථවල යහගුණය රසයට හානියක් නොවන පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට Health Gold Fortified Rice සමත් වී ඇත. එමෙන් ම මෙම නිෂ්පාදන පෙළ මෙරට ආහාර වෙළෙඳපොළේ පුළුල් වපසරියක් ආවරණය කරමින්, ආහාර පෝෂක ඌනතා සඳහා විසඳුම් ලබා දෙන  ප්‍රධාන පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.

LOLC සමූහ ව්‍යාපාරයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා ද අදහස් දක්වමින්, “Health Gold Fortified Rice දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීම අප සමාගමේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙම නව නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට, පාරිභෝගිකයින්ට ඉතා සෞඛ්‍ය සම්පන්න සහල් නිෂ්පාදන පෙළක් ලබා දීමට වගේ ම ගෝලීය වශයෙන් අපගේ සහල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

LOLC Advanced Technologies සහ Brown & Company PLC අතර මෙම සහයෝගීතාව මගින් Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ සඳහා අසමසම මට්ටමේ විශ්වාසයක් සහ ගුණාත්මක බවක් එක් කරයි. Brown & Company PLC යනු ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ගෞරවණීය සමාගමක් වන අතර, එය සිය පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. පුළුල් අලෙවිකරණ හා බෙදාහැරීමේ විශේෂඥතාවකින් යුත් Brown & Company PLC විසින් Health Gold Fortified සහල් නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙදසැල්වලින්  ලබා ගැනීමේ පහසුව උදා කර දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!