spot_img
spot_imgspot_img

තාප තරංගවලින් හානියක් සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගනී

පුවත්

විදෙස්

වැඩිවන පරිසර උෂන්තවයේ විනාශකාරී බලපෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කලාප නවතම පර්යේෂණයක් මගින් හෙළිදරව් කර ඇත.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තානය, පැපුවා නිව්ගිනියාව සහ මධ්‍යම ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශ ඉතාමත් බරපතල අවදානමකට මුහුණ දෙන බවයි.

එම පර්යේෂණය නේචර් කොමියුනිකේෂන් හි අප්‍රේල් 25 ප්‍රකාශයට පත්කර ඇත.

වැඩිවන ගෝලීය උෂණත්වය සහ වායුගෝලයේ තාප තරංග තීව්‍රතාව වැඩිවීම හේතුවෙන් මෙතෙක් එවැනි අවදානම් උණුසුමක් අත්විඳ නැති රටවල් ද  අහිතරක තත්වයන්ට ගොදුරුවිය හැකි බව එම පර්යේෂණ වාර්තාවෙන් පෙනව්ා දෙයි. වර්ධනය වන ජනගහනය සහ සීමිත සෞඛ්‍ය සේවා සහ බලශක්ති සැපයුමේ දුර්වලතා මේ අවදානම වැඩිකරන බව පර්යේෂක‍ොය් කියති.

චීනයේ බීජිං නගරය මෙන් ම මධ්‍යම යුරෝපය ද මේ උෂ්ණත්ය අදානම් ලැයිස්තුවේ ඇත. එම ජනාකීර්ණ ප්‍රදේශවල තාප තරංග උෂණත්වය ඉහළ ගියහොත් මිලියන සංඛ්‍යාත ජනතාවකට එහ ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇති බව ඔුන් අනතුරු අඟවයි.

මෙම නව සොයාගැනීම අනුව පර්යේෂකයන් පවසන්නේ, උණුසුම් කලාපවල ප්‍රතිපත්ති සම්පාදකයන් උෂ්ණත්වය ඉහළයාමෙන් සිදුවන මරණ සහ ඒ ආශ්‍රිතව සිදුවිය හැකි හානිය අවම කිරීමට ක්‍රියාකාරී සැළසුම් ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම පර්යේෂණයේ ප්‍රධානී, බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පරිසර සහ දේශගුණය සඳහා වන ආයතනයේ විද්‍යාඥ ආචාර්ය විකී තොම්සන් මෙසේ කියන්නීය.

“වායුගෝලයේ උණුසුම් තරංග නිතර ඇතිවන නිසා අපි වඩාත් හොඳින් සූදානම් විය යුතුයි. අපි මෙතෙක් වාසනාවන්ත වූ කලාප හඳුනාගෙන තිබෙනවා. මේ අතරින් ඇතැම් කලාපවල ජනගහනය වේගයෙන් වර්ධනය වනවා. ඇතැම් ප්‍රදේශ සංවර්ධනය වන රටවල්. සමහර ඒවා දැනටමත් අධික උෂ්ණත්වයකට ගමන් කරලා. මෙවැනි ප්‍රදේශ සඳහා තාප ක්‍රියාකාරී සැළසුම් ප්‍රමාණවත් ද යන්න අපි විමසා බැලිය යුතුයි.”

මේ පර්යේෂණය සඳහා ඒ ඒ කාලසීමාවන්හි දී උෂ්ණත්වයේ වෙස්වීම් අධ්‍යයනය කර ඇති අතර ඒවායේ තක්සේරු කිරීමේ ක්‍රමයක් ද දේශගුණික ආකෘති සහ නිරීක්ෂණ දත්ත භාවිතා කරමින් ගෝලීය උෂ්ණත්ව වාර්තා වෙනස් වී ඇති ආකාරය ද අධ්‍යයනය කර තිබේ. එමගින් ‍උෂ්ණත්වය ඉහළයාමෙන් ප්‍රජාව අනතුරකට ලක්විය හැකි ආකාරය ද තක්සේරු කර තිබිණි.

පර්යේෂකයන් අනතුරු ඇඟවූයේ මිනිස් ජන සමාජය ඇතුළු සමස්ත ජීව ප්‍රජාවට අහිතකර උෂ්ණත්වයක් ඕනෑම තැනක ඇතිවිය හැකි බවයි. එය සංඛ්‍යානමය වශයෙන් අවිනිශ්චිත බවත් එවැන්නක් සිදුවනතුරු ඇතැම් විට හඳුනාගත නොහැකි වනු ඇතැයි ද පර්යේෂකයෝ කියති.

2021 වර්ෂයේ උතුරු ඇමෙරිකා මහද්වීපයේ බටහිර කොටසේ තාප තරංගය මේ සඳහා උදාහරණයකි. මේ වනවිට එවැනි දැඩි උණුසුමක් ඇතිවනු ඇතැයි පර්යේෂකයන් විසින් තක්සේරු කර ඇති කලාපවලින් තුනෙන් එකකට ආසන්න (31%) ප්‍රමාණයක අසම්භාව්‍ය සිදුවීම් වන බව ද සොයාගෙන තිබේ.

පරිසරය සඳහා වන බ්‍රිස්ටල් කැබට් ආයතනයේ වායුගෝලීය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලෙස මෙම පර්යේෂණයට දායක වූ ඩැන් මිචෙල් පවසසන්නේ “පෙර සූදානම් වීමෙන් ජීවති බේරාගැනීම කළ හැකි” බවයි.

“ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති අනපේක්ෂිත තාප තරංග 10 තාපය ආශ්‍රිත මරණවලට හේතු වූ බව අප අධ්‍යයනයෙන් අනාවරණය වුණා. මේ නිසා ඕනෑම මොහොතක අනපේක්ෂිත තාප තරංගවලට මුහුණ දීමට ලෝකයේ සියලු රටවල් සූදානම් විය යුතුයි. මේ අනපේක්ෂිත තාප තරංග ලෝකයේ ඕනෑම තැනක ඇතිවීමට පුළුවවන්.මානවයාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේශගුණික විපර්යාස නිසා තාප තරංගවල සංඛ්‍යාතය, තීව්‍රතාවය සහ කාලසීමාව වැඩිවෙන්න පුළුන් ඒ මගින් තවත් දහස් ගණනක් අතිරික්ත මරණ ඇතිවිය හැකියි.” මහාචාර්ය මිචෙල් වැඩිදුරටත් පවසා තිබේ.

දේශගුණික වෙනස්කම් සඳහා සමාජයට සූදානම් වීමට නොහැකි නම්, එවැනි ස්ථාන පිළිිබඳ අපගේ අවබෝධය වැඩිදියුණු කිරීම වඩාත් අවදානමට ලක්විය හැකි කලාප අවම කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම අවශ්‍යවෙයි. දේශගුණිික විපර්යාසවල භයානක ප්‍රතිවිපාක හඳුනාගැනීම ඒ සඳහා වැදගත් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!