4.3 C
New York

රට රස්සා දෙන බව කියා මුදල් ගැරූ, කාන්තාවක් ගාල්ලේ දී අත්අඩංගුවට

Published:

විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට නම ඇතුළත් කර දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් කාන්තාවක් අද (27) ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි වැටලීම් ඒකකය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

ඇය ගාල්ලේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් 400,000.00ක මුදලක් ලබාගන්නා අතරතුර විදේශ සේවා නියුක්ති කාර්යාශයේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් එම කාන්තාව පොරොන්දු වී ඇත්තේ ඊශ්‍රායල් යැවීම සඳහා රැකියා අයඳුම්කරුවන්ගේ වෙබ් අඩවියට ලොතරැයි ක්‍රමය, වෛද්‍ය වාර්තා සහ සම්මුඛ පරීක්ෂණ නොමැතිව නම ඇතුළත් කළ හැකි බවයි. ඒ සඳහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට රුපියල් 400,000.00ක මුදලක් ලබාදිය යුතු බව පවසමින් එම මුදල් ඉල්ලා ඇත.

ගාල්ලේ පදිංචි කාන්තාව මේ බව කලින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දීමෙන් අනතුරුව එහි හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීන් පැමිණ ඇය අතට අවශ්‍ය රුපියල් ලක්ෂ 04ක මුදල ලබා දී ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ එම සිද්ධියට අදාල සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාරිය අද (27) සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එම සැකකාරිය වසර 09ක් යුද හමුදාවේ සේවය කළ තැනැත්තියක බව ද හෙළි වී තිබේ.

Related articles

Recent articles

spot_img