spot_img
spot_imgspot_img

කොළඹ සුපිරි පාසල්, ගුරු මාරුවට විරුද්ධ වෙයි. ජාවාරම්කාරයෝ කැමති නැතැයි ගුරු සංගම් කියයි

පුවත්

විදෙස්

රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කිහිප දෙනකු ගුරු මාරුවීම් අවලංගු කරන්න යැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දා රාජකීය සහ ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය අතරතුර දී ද රාජකීය විදුහල්පතිවරයා ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලීම සිදුකර තිබූ අතර ඉන් පසු ඔහු අනෙක් විදුහල්පතිවරුන්ට කියා තිබුණේ තම පාසලේ ආදි සිසුවකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ කියන දේ අහන බවයි.

ගුරුමාරුවීම් ජනාධිපති නියමයෙන් අත්හිටවූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ ද ගුරු වෘත්තීය සමිතිවල බලපෑමෙන් එම තීරණය නැවත සංශෝධනය කෙරිණි.

ගුරුමාරුවීම් ක්‍රියාත්මක වෙමින් තිබිය දී රාජකීය විදුහල්පතිවරයා ඇතුළු කොළඹ සුපිරියැයි කියන පාසල් කිහිපයක විදුහල්පතිවරු නැවත ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ගුරුමාරුවීම් අවලංගුකරන ලෙසයි. එහි දී ගුරුමාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයනට යටත්ව ක්‍රියාත්මක නොවන බව ද ඔවුන් විසින් දන්වා තිබේ.

නමුත්, ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ 2017 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැදිහත්වීමෙන් සකස් කරන ලද ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව යමින් ගුරුවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඒවා පිරික්සාබැලීමෙන් පසු වසර 10කට වැඩි කාලයක් එකම විද්‍යාලයක සේවය කළ ගුරුවරුන් පමණක් මෙලෙස මාරුකිරීමට නිර්දේශ කර ඇති බවයි.

රාජකීය විදුහල්පති ඇතුළු කොළඹ සුපිරි පාසල්වල විදුහල්පතිවරු මෙන්ම ප්‍රධාන නගර කිහිපයක සුපිරියැයි කියාගන්නා පාසල්වල විදුහල්පතිවරු මෙම ගුරු මාරුවීම්වලට එරෙහි වන්නේ එම පාසල්වල අවුරුදු 10කට වැඩි කාලයක් සේවය කරමින් විවිධ වංචා දූෂණ සහ අකටයුතුකම් කරන මෙන්ම විදුහල්පතිවරුන්ගේ මුදල් ගැරීමේ වැඩපිළිවෙලට උදව් උපකාරකරන ගුරුවරුන් සීමිත පිරිසක් තවදුරටත් රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි. විදුහල්පතිවරුන්ගේ එම ඉල්ලීමේ කිසිදු සාධාරණයක් නැති බව ද ගුරු වෘත්තීය සමිති අවධාරණය කරයි.

ගුරු මාරුවීම් ක්‍රියාත්මක කිරීමට පෙර ගුරුවරුන් විසින් සිදුකරන ලද අභියාචනා ද සළකා බැලූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

1 COMMENT

  1. අනේ පලයන් බූරුවො යන්න. මාරු මණ්ඩල එවුන් ගුරුවරුන්ගෙන් සල්ලි අරගෙන ප්‍රධාන ඉස්කෝල වලට ගුරුවරු දාන්නෙ. ඒකට නිශ්චිත ක්‍රමවේදයක් හදන්න කියලා තමයි ප්‍රධාන පාසල් වල විදුහල්පති වරුන් ඉල්ලා ඉන්නේ. ගුරුමාරු සමස්ත ගුරුවරුන්ට ම අපහාසයක් වන විදිහට ගුරු වෘත්තිය ගණිකා සේවය යොදවනවා. මාරුවීම් ලබන ගුරුවරුන්ට ලකුණු ක්‍රමවේදයක් සකස් කරලා ඒ අනුව අදාල පාසල් ලබාදීම තමයි කළ යුතු වන්නේ. අද වෙලා තියෙන්නේ ගුරුවරුන්ට මාරුවීම් හදාගන්න ගුරු සංගම් වල උන් එක්ක බුදිය ගන්න ඕනි නැත්නම් සල්ලි දෙන්න ඕනේ. පුලුවන්නං එහෙම නෙමෙයි මෙන්න මේ ක්‍රමයටයි මාරුවීම් කරන්නේ කියලා ඔප්පු කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!