6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 13,154ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,144ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,345ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 230
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 137
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 130

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 12
  • මාරවිල රිසෝට් සමාගම (R)  කොටස් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • ගුඩ්හෝප් සමාගම 14%
  • ඊස්ට්වෙස්ට් සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 430,000ක් රුපියල් 135.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 339
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 233ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 179ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 68
  • ටෝකියෝ සිමෙන්ති  සමාගම (X)  රුපියල් මිලියන 64
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 45

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 65
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 65

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img