කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 13,154ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,144ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,345ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 230
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 137
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 130
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 12
- මාරවිල රිසෝට් සමාගම (R) කොටස් මිලියන 07
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- ගුඩ්හෝප් සමාගම 14%
- ඊස්ට්වෙස්ට් සමාගම 13%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 430,000ක් රුපියල් 135.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 339
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 233ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 179ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 68
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 64
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 45
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 65
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 65
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ