spot_img
spot_imgspot_img

X-Press Pearl නඩුව යට ගහන්න අල්ලස් ගත් ලොක්කා කවුද ?

පුවත්

විදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමෙම් කටයුතු ප්‍රමාද කිරීමට, නඩු ගොනුකිරීම වැළැක්වීමට හෝ බාධා කිරීම සඳහා ආදල රක්ෂණ සමාගම අල්ලස් දුන්නේ කවර පුද්ගලයකුට ද යන්න විමර්ශනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (12) ජාතික රූපවාහිනියේ “මහජන දිනය” සජීවී වැඩසටහනේ දී අදහස් දක්වමිනි.

ඔහු පවසන්නේ මෙම නඩු පැවරීමේ කටයුතු සඳහා තමන් මැදිහත් නොවිය යුතු බවයි. නමුත් එය දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙන් තමන් මැදිහත් වූ බව ද පසුගිය වසරේ විශේෂඥ වාර්තා ඉල්ලා සිටිය ද එය නොලැබුණු බව අමාත්‍යවරයා සඳහන් ‍කළේය. මේ අතර නඩු පැවරීම වැළැක්වීමට, ප්‍රමාද කිරීමට හෝ බාධා කිරීමට යම් කිසි පුද්ගලයකුගේ එංගලන්තයේ ඇති ගිනුමකට නැවේ රක්ෂණ සමාගම ඩොලර් මිලියන 250ක මුදලක් තැන්පත් කර ඇතැයි තොරතුරු ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

එහි සත්‍ය අසත්‍යතාව නොදන්නා බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දන්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා සත්‍ය අසත්‍යතාව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!