spot_img
spot_imgspot_img

හෙට, රටම රත්වෙයි ? අවදානයෙන් ඉන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක හෙට (14) දිනයේ “අවධානය යොමු කළ යුතු” මට්ටමේ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එය මිනිස් සිරුරට දැරිය හැකි සාමාන්‍ය උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38 ඉක්මවා යන තත්වයකි. එවැනි අවස්ථාවක දී වැඩි වේලාවක් උෂ්ණත්වයට නිරවාරණය වීම සහ අව් රශ්මිය සහිත ස්ථානවල ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවීම සිදුවිය හැකි යැයි දැනුම් දී අත. අධික උෂණ්ත්වයට වැඩි වේලාවක් නිරවාණ්‍ය වීමෙන් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මෙම තත්වය නැගෙනහිර, උතුරු මැද පළාත් දෙකෙහි, කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙලෙස උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උෂ්ණත්වය මිනිස් සිරුරට බලපාන ආකාරය

සෙල්සියස් අංශක 27-38ත් අතර – සාමාන්‍යයයි

සෙල්සියස් අංශක 38-45ත් අතර – වැඩි වෙලාවක් නිරාවරණය වී සහ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්වයක් ඇති විය හැක. තව දුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම ඇතිවිය හැකියි.

සෙල්සියස් අංශක 45-52ත් අතර – විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සහ අධික උෂණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇතිවිය හැකියි. තව දුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන සංකූලතා හටගැනීමට පුළුවන

සෙල්සියස් අංශක 52ට වැඩි – විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය ඇති වීමේ වැඩි හැකියාවක් ඇත. තව දුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂණ්තව ක්‍රියාවලිය අඩපණ වීම නිසා දැඩි සංකූලතා ඇතිවීමට හැකියාව තිබේ.

ඉහත උණුසුම් දර්ශක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති විශ්ලේෂණය කිරීම මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට දිනය සඳහා ගණනය කර ඇති දර්ශකයන්ය. මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්ව තත්වය නොවේ.

මෙවැනි අවදානය යොමු කළ යුතු උෂ්ණත්ව වැඩිවීමේ තත්වයක දී ක්‍රියා කළ යුතු ආකාරය සෞඛ්‍ය අංශ විසින් දැනුම්වත් කර ඇත.

වැඩබිම් තුළ – ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පඹණ විවේක ගන්න

නිවෙස් තුළ – වැඩිහිටි සහ රෝගී පුපද්ගලයන් පිළිබඳ සැළකිලිමත් වන්න

වාහන තුළ- කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්න

එළිමහනේ – අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානනවල රැ‍ඳෙන්න ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

ඇඳුම් – සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න

හෙට දිනයේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අතිශය බහුතරයක් දෙනා එම අවුරුදු උත්සවය සමරති. අලුත් අවුරුදු චාරිත්‍ර අනුව උදෑසන ම කා, බී. සියලු වැඩ අතහැර නැවත වැඩ ඇල්ලීම දක්වා පැය ගණනක් නිවෙස්වලට වී හෝ ආගමික කටයුතුවල නිරතවන බැවින් බොහෝ දෙනකු හෙට වැඩබිම්වල ‍ හෝ එළිමහෙන් වෙහෙසකර කටයුතුවල යෙදෙන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!