spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ විභාගය තවත් කල් දමයි

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ විභාගය තවත් සති දෙකක කාලයකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව විභාගය 2023 මැයි මස 15 වැනි දා ආරම්භ වීමට නියමිතය.

2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස මැයි 15 වැනි දා දක්වා කල් තැබිණි. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා හැකියාවක් නොමැතිවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මෙලෙස කල් දැමීමට සිදුව තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසන්නේ බදු අයකිරීම සම්බන්ධයෙන් තම ඉල්ලීම්වලට සාධාරණය ඉටුකරන තුරු උත්තරපත්‍ර පරීක්ෂා නොකරන බවයි. ඔවුන්ගේ ඉල්ලීම් අතර උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවන ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිදුකර තිබූ අතර එම ඉල්ලීම ඉටුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නැති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!