spot_img

ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි

පුවත්

විදෙස්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවට දරුවන්ට පීඩාවක් නොවන වෙනත් විභාගයක් 2028 වර්ෂයේ සිට හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී ය.

පස්වැනි ශ්‍රේණියේ දී පවත්වන ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවත් ශිෂ්‍යත්වය නිසා දරුවාට එන මානසික පීඩනය අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ලබන වසරේ දී පත්කරන බවත් අගමැතිවරිය කීවාය.

ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් වී ඇත්තේ, පාසල් අතර ඇති විශමතාවය නිසා බව පැවසූ අගමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේ හොඳ පාසල්, නරක පාසල්, ජාතික පාසල්, පළාත් සභා පාසල් වශයෙන් මේ පාසල් අතර තිබෙන විෂමතාව නැති කළ යුතු බවයි. ඒ සඳහා කිසියම් කාලයක් ගතවන බවත් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යටතේ පාසල් අතර ඇති විෂමතාව අඩුකිරීමෙන් මේ තරඟකාරී විභාගයේ පීඩනය අඩුකළ හැකි බව ද ඇය කීවාය. එම කාලය තුළ දක්ෂ දරුවන්ට වෙනත් පාසලකට යා හැකි විභාගයක් පැවැත්වීමට සිදුවන බව ද ඇය පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles